Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වනිඳු හසරංග ඉතිහාසය ලියයි

වනිඳු හසරංග ඉතිහාසය ලියයි

editorial - 2021 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පන්දු යවන්නන් අතරේ වනිඳු හසරංග පෙරමුණට පැමිණ සිටී. ඔහුට පෙර එම ස්ථානයේ සිටි දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩක තබ්රේස් ශම්සි (770) දෙවැනි තැනට ඇද දමමින්, ප‍්‍රසාද ලකුණු 776 ක් ලබා පෙරමුණ අත්කර ගැනීමට වනිඳු හසරංග සමත්ව සිටී.

වනිඳු හසරංග එහි පෙරමුණ අත්කරගෙන ඇත්තේ දැන් පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ තරග 7 කින් කඩුලූ 14 ක් දවාගනිමිනි. මෙම තරග 7 ට සුදුසුකම් තේරීමේ වටයේ තරග 3 ක් ද ඇතුළත් වෙයි.

වනිඳුගේ කඩුලූ 14 ට දකුණු අපි‍්‍රකානු පිල හමුවේ ලබාගත් කඩුලූ ති‍්‍රත්වයක්ද ඇතුළත් වන අතර වනිඳු විස්සයි-20 ලෝක කුසලාන තරග වලදී කඩුලූ ති‍්‍රත්වයක් ලබාගත් ලොව තුන්වැනි පන්දු යවන්නාය.

මෙතෙක් ලොව බිහිවූ හොඳම විස්සයි-20 පන්දු යවන්නන් අතර 11 වැනි ස්ථානය දැනටමත් අත්කරගෙන සිටින වනිඳු හසරංග, එහිදී අජන්ත මෙන්ඩිස්ටත් වඩා පියවර 5 ක් ඉදිරියෙන් සිටී. මෙතෙක් ලොව බිහිවූ හොඳම විස්සයි-20 පන්දු යවන්නන් 20 දෙනා අතරට එක්ව සිටින ශී‍්‍ර ලාංකිකයන් වන්නේ වනිඳු සහ අජන්ත මෙන්ඩිස් පමණි.

වනිඳු හසරංග, පිත්තෙන් මෙන්ම පන්දු රැකීමෙන්ද දස්කම් දක්වන හෙයින්, තුන් ඉරියව් කී‍්‍රඩකයන්ට හිමි ප‍්‍රසාද ලකුණු 172 ක් ලබාගනිමින්, වර්තමාන ශ්‍රේණිගතකිරීම් අනුව විස්සයි-20 තුන් ඉරියව් කී‍්‍රඩකයන් අතරේ 4 වැනි ස්ථානය ද හිමිකරගෙන සිටී. වර්තමාන තුන් ඉරියව් කී‍්‍රඩකයන් අතරේ වනිඳුට වඩා ඉදිරියෙන් සිටින්නේ නැමීබියාවේ ජේ.ජේ. ස්මිත් (175), බංග්ලාදේශයේ සකිබ් අල් හසන් (271) සහ ඇෆ්ඝනිස්ථානයේ මොහොමඞ් නබී (271) තිදෙනාය.

කෙසේ වෙතත් තුන් ඉරියව් කී‍්‍රඩකයන් අතරේ පෙරමුණේ සිටින සකිබ් අල් හසන් සහ මොහොමඞ් නබී දෙදෙනාත් වනිඳු හසරංගත් අතරේ ප‍්‍රසාද ලකුණු 100 කට ආසන්න පරතරයක් තිබේ.

- 213


අදහස් (0)

වනිඳු හසරංග ඉතිහාසය ලියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.