Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම ස්ථානයක පන්දුවට පහරදීමට ඇති හැකියාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වනිඳු හසරංගව තුරුම්පුවක් ලෙස යොදාගන්නා බවත්, අවශ්‍යම අවස්ථාවේදී එම තුරුම්පුව එළියට ඇදීමක් ලෙස අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ඔහු පිතිකරු ලැයිස්තුවේ ඉහළට ගෙන ඒම සඳහන් කළ හැකි බවත් මහීෂ් තීක්ෂණ කියයි.
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී අයර්ලන්තයට එරෙහිව අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (20 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 70 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී තීක්ෂණ ඒ බව පැවසීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කියා සිටියේය.
“වනිඳු අයියා තමයි අපිට ඉන්න තුරුම්පුව. එයාට ඕනම තැනක පන්දුවට පහර දෙන්න පුළුවන්. මේ තරගයේදී අපි එයාව ටිකක් කළින් යවලා බැලුවා. එතනදි එයා එයාගෙ වැඩේ හරියට කරලා පෙන්නුවා. කඩුලු 3 ක් බිඳවැටිලා තිබුණ වෙලාවෙ වනිඳු අයියා අවිල්ලා ගහපු ඒ ඉනිම නිසා තරගය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.” යැයි තීක්ෂණ සඳහන් කළේය.
ලකුණු 8 කට කඩුලු 3 ක් බිඳවැටීමත් සමඟ අලුත් උපක්‍රමයක් අනුගමනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය, අංක 5 ස්ථානයේ පන්දුවට පහරදෙන භානුක රාජපක්ෂ තවදුරටත් ක්‍රීඩාගාරයේ රඳවාගනිමින් වනිඳු හසරංගට පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් දුන්නේය. ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් වනිඳු, පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග වේගවත් ලකුණු 71 ක් රැස්කරමින් කඩාවැටී තිබූ ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් එක් කළේය.
මෙම අවස්ථාවේදී පැතුම් නිස්සංක ඉතාමත් තැන්පත් ඉනිමක් ක්‍රීඩා කරමින් වනිඳුගේ ප්‍රහාරයට ඉඩදී, තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගනිමින් වනිඳු අපේක්ෂා කළ සහයෝගය මැනවින් ලබා දුන්නේය.
සාමාන්‍යයෙන් වනිඳු පන්දුවට පහරදෙන ස්ථානය අංක 7 වුවත්, එම අවස්ථාවේදී ඔහු අංක 5 ස්ථානයේ පන්දුවට පහරදීම සඳහා යොදවා ඇත්‍තේ මහේල ජයවර්ධන මහතාගේ උපදෙස්වලට අනුව බවද කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ඇත. මහේල ජයවර්ධන මහතා තමා කෙරෙහි තැබූ විශ්වාසය පළුඳු වීමට නොදී ආරක්ෂා කරගැනීම සඳහා වනිඳු එම අවස්ථාව උපයෝගි කර ගත්තේය.
මේ වන විට ශ්‍රී ලංකාව තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටින නමුත්, ඉන් පෙර සුදුසුකම් ලැබීමේ වටයකට ක්‍රීඩා කිරීමට සිදුවීම තුළින් කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල වූ බවද මාධ්‍ය හමුවේදී තීක්ෂණ පැවසීය. කෙසේ වුවත් සුදුසුකම් ලැබීමේ වටය තුළදී උපදේශකවරයකු ලෙස මහේල ජයවර්ධන මහතාගේ සේවය ලබාගැනීමට හැකිවීම නිසා එම පීඩනය සමනයට පත්වූ බවද එහිදී තීක්ෂණ වැඩිදුරටත් කියා සිටියේය.
“සුදුසුකම් ලැබීමේ වටයකට ක්‍රීඩා කරන්න සිදුවෙලා තිබුණ නිසා මේ තරගාවලියට එනකොට අපිට ලොකු පීඩනයක් තිබුණා. කොච්චර හොඳ කණ්ඩායමක් වුණත් පසුගිය කාලයේදී දක්වපු පසුබෑමත් එක්ක අපිට සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩා කරන්න වුණා. ඒත් ගොඩක් අය තමන් ගැන විශ්වාස කරලා, තමන්ගේ උපරිමය කණ්ඩායමට දීපු නිසා අපිට පහසුවෙන්ම අවසන් 12 දෙනාගේ වටයට එන්න පුළුවන් වුණා.”
“මහේල අයියා කණ්ඩායමත් එක්ක දිගටම ඉන්නවාට අපි කැමතියි. ඒත් මං හිතන්නේ නෑ එයාට දිගටම ඉන්න පුළුවන් වෙයි කියලා. එයා අවාට පස්සේ කණ්ඩායම තුළ ලොකු ධනාත්මක බවක් ඇතිවෙලා තියෙනවා. ක්‍රීඩකයන්ගෙ මානසිකත්වය හදන එක තමයි එයා වැඩිපුරම කරන්නෙ. කවුරු පන්දුවට පහරදෙන්න ගියත්, කවුරු පන්දු යවන්න ගියත් එයා පැහැදිළි සැලැස්මක් දෙනවා මේ වෙලාවෙ මේකයි වෙන්න ඕන කියලා. ක්‍රීඩා කරනකොට ඒක අපිට ලොකු පහසුවක්.” යැයි තීක්ෂණ පැවසීය.
මේ වන විට තරග 2 කදී කඩුලු 6 ක් දවාගනිමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභින්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන තීක්ෂණ, තමාට ජාතික තලයේ සිට ජාත්‍යන්තර තලයට පැමිණීම සඳහා ශක්තියක් වූ අජන්ත මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා යුධ හමුදාව පිළිබදව අදහස් දැක්වීමටද එහිදී අමතක නොකළේය.
“මම යුද හමුදා වයස 23 න් පහළ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරපු කාලෙ මගෙ ප්‍රධාන පුහුණුකරු වුනේ අජන්ත මෙන්ඩිස් සර්. එයා හැමවෙලේම මගෙ පිටිපස්සෙන් ඉඳන් එයාට වෙච්ච දේවල්, එයා කරපු දේවල් වගේම කොහොමද එයා ඒ දේවල් කළේ කියන එක ගැන මට කියලා දුන්නා. අදටත් පන්දු යවනකොට මගෙ අතින් වරදක් වුණාම තරගයෙන් පස්සෙ එයා මට දුරකතනයෙන් අමතලා ඒ වරද හදාගන්න හැටි කියලා දෙනවා. ඇත්තටම ඒක මට ලොකු ශක්තියක්.”
“මේ වෙනකොට යුද හමුදාවේ ක්‍රීඩකයන් 150 ක් විතර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා. එතකොට තියෙන තරගකාරීත්වය වැඩියි. දැන් වෙනම යුද හමුදා ලීග් තරගාවලියක් තියෙනවා. ඒකෙන් තමා ගොඩක් ක්‍රීඩකයන් ඉදිරියට එන්නේ. ඒ තරගාවලියෙදි හොඳට කරපු නිසා තමයි මට වුණත් ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වෙන්න ලැබුණේ. ශ්‍රී ලංකා කණ්ඩායමට එන්නත් මට යුද හමුදාවෙන් ලොකු සහයොගයක් ලැබුණා කියලා මම හිතනවා.” යැයි තීක්ෂණ අවසාන වශයෙන් කියා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.