Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වැනි කොටසේ තරගයකදී ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 239 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය අද (22 වැනිදා) සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය වෙනුවෙන් ශතකයක් (නොදැවී 101) ලබාගැනීමට අනුරාධ සම්පත් සමත්වූ අතර සංජු ලක්ෂාන් (61) අර්ධ ශතකයක් ලබාගත්තේය.
විද්‍යාලෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 69.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 231
(සංජු ලක්ෂාන් 61, සෙනෙත් ප්‍රවීන් 45, සඳරු අචින්ත 45, පැතුම් හසරංග 24, කාවින්ඳ තිලකරත්න 51/3, චාමර පෙරේරා 20/2, සෙනේෂ් නදීශාන් 55/2)
ගලහිටියාව ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 38.2 කදී සියලුදෙනා දැවී ලකුණු 75
(සෙනේෂ් නදීශාන් 25, සොනාල් රංසර 18/5, හංසක කමෝෂ් 10/2, නදීර ඉශාන් 19/2)
විද්‍යාලෝක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 27.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 193
(අනුරාධ සම්පත් නොදැවී 101, රමුදිත දිසල් නොදැවී 40)
ගලහිටියාව ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී ලකුණු 110
(මනුජිත රවීශාන් 47, නිම්සර සදූප 26, නදීර ඉශාන් 22/4, සොනාල් රංසර 29/3, කුමුතු කිසල් 24/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.