මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර පැවැති ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත ඕවර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට මහනුවර විද්‍යාර්ථ විදුහල සමත්විය. ලකුණු 178 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ශාන්ත සිල්වෙස්ටර් විදුහලට ඕවර 40.4 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 150 ක් පමණි.
නාමල් පෙරේරා සහ රවිශ්ක උපනන්ද කඩුලූ 3 බැගින් දවාගනිමින් ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ පිතිකරුවන්ගේ ගමන අඩාල කළහ. පළමුවෙන් පන්දුවට පහරදුන් විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සහන් දංවත්ත ලකුණු 75 ක් රැස්කළේය.
විද්‍යාර්ථ විදුහල - ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී 177
(සහන් දංවත්ත 75, බිම්සර සමරතුංග 30, නාමල් පෙරේරා 28, ඉෂාර වටගොඩ 51/5, තුසිත් ද සොයිසා 36/2)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 40.4 කදී සියලූ දෙනා දැවී 150
(මලිත් පේ‍්‍රමතිලක 40, ශිවකුමාර් ටිරෝන් 39, යූ. කේ. යටවතුර 17, එම්. වික‍්‍රසිංහ 16, නාමල් පෙරේරා 12/3, රවිශ්ක උපනන්ද 30/3, සහන් දංවත්ත 25/2, ගිහාන් ගුණරත්න 47/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.