Last Update  :  2025-08-25 20:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විස්සයි:20 පළමු තරගයේ ජය කොදෙව්වන්ට

විස්සයි:20 පළමු තරගයේ ජය කොදෙව්වන්ට

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග තුනකින් සමන්චිත විස්සයි 20 තරගාවලියේ ඊයේ පැවති පළමු තරගයේදී ලකුණු 27 ක පසහු ජයක් හිමි කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය. තරගය බාබඩෝස්හි කෙන්සින්ටන්  ඕවල් පිටියේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුවෙන් පන්දුවට පහර දුන් අතර කඩුලූ 3 ට ලකුණු 170 ක් රැස් කළේය. බටහිර ඉන්දීය පිල වෙනුවෙන් මාලන් සැමුවෙල්ස් හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැුස් කර ගත් අතර කි‍්‍රස් ගේල් හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 43 ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත පිලට  ඕවර් 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණි. ඒ ඉනිම වෙනුවෙන් ටිම් බ්‍රෙස්නන් හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 47 ක්ද රවී බොපාරා හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 42 ක්ද රැස් කළේය.

විස්සයි 20 තරගාවලියේ දෙවන තරගය මාර්තු 11 වන දින පැවැත්වේ.

බටහිර ඉන්දීය කොදෙව් කඩුලූ 3 ක් දැවී ලකුණු 170
(මාලන් සැමුවෙල් 69, කි‍්‍රස් ගේල් 43, ඩ‍්‍රයන් බ‍්‍රාවෝ 27, ඇන්ඩ‍්‍රැ රසෙල් 24, රවී බොපාරා 23/2, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් 16/1)

එංගලන්තය කඩුලූ 9 ක් දැවී ලකුණු 143
(ටිම් බ්‍රෙස්නන් 47, රවී බොපාරා 42, සැමුවෙල් බඞ්රි 17/3, මාලන් සැමුවෙල් 21/2)


අදහස් (1)

විස්සයි:20 පළමු තරගයේ ජය කොදෙව්වන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.