Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අළු බඳුන තරගාවලිය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම සූදානම් වීම සඳහා අවශ්‍ය වුවහොත් තමන් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන බව ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායක ස්ටීවන් ස්මිත් කියයි. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ‘අළු බඳුන’ තරගාවලිය මේ වසර අවසානයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ ආකාර තුනේදීම විශිෂ්ට ගණයේ පිතිකරුවකු වන ස්මිත් ඕස්ටේ්‍රලියානු පිලේ බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ සංචාර වලින් ඉවත් කර තිබේ. ඔහු වමතේ වැළමිටේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටී.
කෙදෙව් සංචාරයේදී විස්සයි-20 තරග 5 ක් සහ එක්දින තරග 3 කට සහභාගි වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම බංග්ලාදේශයේදී විස්සයි-20 තරග 5 කට සහභාගි වීමට නියමිතය. මෙම තරග සියල්ලම අගෝස්තු මාසය අවසන් වීමට පෙර පැවැත්වෙයි.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.
“ලෝක කුසලාන තරගාවලියට ඉස්සරවෙලා තව ටික කාලයක් තියෙනවා. පෙනෙන විදිහට ඒ වෙනකොට මට සනීප වෙන්න පුළුවන්. ටිකක් හෙමින් වුණත් මම සනීප වෙමින් සිටිනවා”
“මම ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්න කැමතියි. ඒත් මගේ පැත්තෙන් බැලුවොත් මගේ මූලික ඉලක්කය වෙන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවයි. ඒ නිසා මම ඒ වෙනුවෙන් වැඩි උනන්දුවක් දක්වනවා. පසුගිය අළු බඳුන තරගාවලි වලදී මා කළ දේවල් නැවතත් කරන්න මම කැමතියි” යයි ස්ටීවන් ස්මිත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වෙබ් අඩවියට පැවසීය.
වසර 2019 දී එංගලන්තයේදී පැවැති ‘අළු බඳුන’ තරගාවලිය 2-2 ක් ලෙසින් සමවිය. එහෙත් අළු බඳුන ඊට කලින් පැවැති තරගාවලියේදී එංගලන්තය 4-0 ක් ලෙසින් පරාජය කළ ඕස්ට්‍රේලියානුවන් සතුව ඇත.
මේ වසරේ නොවැම්බර් මාසයේදී ඇෆ්ඝනිස්තානය හා ටෙස්ට් තරගයකට මුහුණ දෙන ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ‘අළු බඳුන’ තරගාවලිය දෙසැම්බර් 8 වැනිදා බ්‍රිස්බේන්හිදී ආරම්භ වෙයි.
ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර දෙවැන්නා වන 37 හැවිරිදි ස්මිත් (පළමු වැන්නා කේන් විලියම්ස්) අළු බඳුන තරගාවලියේදී තබා ඇත්තේ අති විශිෂ්ට වාර්තාවකි. අළු බඳුන තරග 14 කදී ශතක 8 ක් ද සමගින් ටෙස්ට් ලකුණු 2000 කට ආසන්න සංඛ්‍යාවක් ලබාගැනීමට ස්මිත් සමත් වී තිබේ.
“මට ඕනෑ කරන්නේ මගේ දායකත්වය මගින් තරගාවලියට කිසියම් බලපෑමක් ඇතිකළ හැකි තත්ත්වයක සිටීමයි. ලෝක කුසලාන තරගාවලියට සහභාගි නොවීමෙන් ඒ තත්ත්වය ඇතිකරගත හැකි නම් මා ඒ මාවතේ යනවා. ඒත් මා හිතන්නේ නෑ එහෙම දෙයක් අවශ්‍ය වේවි කියලා” යයිද ස්මිත් පැවසීය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.