Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝක කුසලාන සංවත්සරය දා සචින් රෝහලේ

ලෝක කුසලාන සංවත්සරය දා සචින් රෝහලේ

editorial - 2021 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දියාව දෙවැනි වරට (2011) ලෝක කුසලාන දිනාගැනීමේ දශක පූර්ණ සංවත්සරය පැවැත්වෙන දා මුම්බායි නුවර රෝහලකට වී සිටීමට, 2011 කණ්ඩායමේ අසහාය පිතිකරු, සචින් තෙන්ඩුල්කාර්ට සිදුවී තිබේ. කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් දින කිහිපයක් තිස්සේ නිවසේ නිරෝධායනය වෙමින් සිටි සචින් තෙන්ඩුල්කාර් හදිසියේම රෝහල් ගතකර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඔහුගේ පූර්ව ආරක්‍ෂාව සඳහා රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වේ.

මේ වන විට 47 වැනි වියේ පසුවන තෙන්ඩුල්කාර් පවසා ඇත්තේ තමන් නිවසේදී නිරෝධායනය වෙමින් සිටියත්, වෛද්‍ය උපදෙස් මත රෝහලට ඇතුළත් වූ බවයි.
“ටික දිනකින් මා ආපසු ගෙදර යනවා.. මට සුබ පැතූ සියලු දෙනාටම ස්තුතියි.. ඔබත් පරිස්සමෙන් ඉන්න”

“අපේ ලෝක කුසලාන ජයග්‍රහණයේ 10 වැනි සංවත්සරය සමරන සියලු දෙනාටත් මගේ හෘදයංගම සුබපැතුම් එක් කරනවා”යයි තෙන්ඩුල්කාර් පවසා ඇතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

තෙන්ඩුල්කාර්ට කොරෝනා වැළඳුණේ පසුගිය සතියේදීය. සුළු රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීමත් සමගම පී.සී.ආර්. පරීක්‍ෂණයකට යොමු වූ ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු නායකයා නිවසේ සිටම නිරෝධායනයට යොමු විය. ඔහු ලබන සතියේදී 48 වැනි වියට පා තබයි.

වසර 24 ක් පුරා (1989 සිට 2013 දක්වා) අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි තෙන්ඩුල්කාර් වසර 2013 දී ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ අන්තර්ජාතික ශතක 100 ක් සම්පූර්ණ කිරීමෙන් පසුවය. කොරෝනා වයිරසයෙන් ඉතාමත් දැඩි බලපෑමට හසුවූ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අගනුවර වන මුම්බායිහි සචින් තෙන්ඩුල්කාර් පදිංචි වී සිටී.

අද දිනයේ (අප්‍රේල් 02 - සිකුරාදා) පමණක් මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් කොරෝනා රෝගීන් 43,183 ක් හමුවී තිබේ. ඉන්දියාවේ වාණිජ අගනගරය වන මුම්බායි නුවරින් අද දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 8,646 කි.

අද දිනයේ ඉන්දියාවෙන් හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 81,466 ක් වන අතර එය මාස හයකට පසුව එක දිනයකදී ඉන්දියාවෙන් හමුවූ ඉහළම රෝගීන් සංඛ්‍යාව වේ. කොරෝන වසංගතයේ දෙවැනි රැල්ලට ඉන්දියාව මුහුණ දෙමින් සිටින බව විශේෂඥ වෛද්‍යවරු කියති.


- 213


අදහස් (0)

ලෝක කුසලාන සංවත්සරය දා සචින් රෝහලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.