මුදලට තරග පාවාදෙන ලෙස බංග්ලාදේශයේ ප‍්‍රධානතම ක‍්‍රිකට් (බී. පී. එල්.) තරගාවලියේදී (2013) ඩකා ග්ලැඩියේටර්ස් පිල නියෝජනය කළ ශ්‍රී ලංකා දකුණතින් පා දඟ පන්දු යවන ක‍්‍රීඩක කෞෂාල් ලොකුආරච්චිට කෙරුණේ යැයි කියන යෝජනාව ගැන බලධාරීන් දැනුවත් නොකිරීමට වරදකරු කරමින් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ඔහුට මාස 18 කට තහනමක් පනවා ඇති බව ඒ. එෆ්. පී පුවත් සේවය වාර්තා කරයි.
බංග්ලාදේශ පිලේ හිටපු නායක මොහොමඞ් අෂ්රාෆුල්ට මුදලට තරග පාවාදීමේ චෝදනාවට වසර 8 ක තහනමක් පනවා ඇති අතර ටකා මිලියනයක් හෙවත් ඩොලර් 12,820 ක දඩයක් ද පනවා තිබේ.
මුදලට තරග පාවාදීමට කෙරුණු යෝජනා පිළිබඳ බලධාරීන් දැනුවත් නොකිරීමට නවසීලන්ත හිටපු පිතිකරු ලූ වින්සන්ට් ද වරදකරු කරමින් ඔහුටද වසර තුනක කි‍්‍රකට් තහනමක් පනවා තිබේ. මෙම තහනමත් සමග ක‍්‍රීඩකයන් තිදෙනාට ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ කිසිදු කාර්යකට සහභාගි වීමේ අවස්ථාව නොලැබේ.
මෙම පරීක්‍ෂණය කිරීම සඳහා සහභාගි වූ විනිශ්චය මණ්ඩල සාමාජිකයකු වන ශකිල් කසිම් මහතා පැවසුවේ කී‍්‍රඩකයන් තිදෙනාට පනවන ලද තහනම ලෝකය පුරාම කි‍්‍රයාත්මක වන බවයි.
මොහොමඞ් අෂ්රාෆුල් මුදලට තරග පාවාදීමට සම්බන්ධකර ගත්තේ යැයි කියන ඩකා ග්ලැඩියේටර්ස් පිලේ හිමිකරු වන ශිහාබ් ජිශාන් චෞරිද්ට ද වසර 10 ක තහනමක් නියමකර ටකා මිලියන දෙකක දඩයක් පනවා තිබේ.
මෙම සිද්ධිය පිළිබදව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දුෂණ මර්ධන ඒකකය පසුගිය වසරේ මැද භාගයේදී පරීක්‍ෂණයක් ආරම්භ කළේය.
මෙම තහනම පිළිබදව ඊයේ (18) රාත‍්‍රී කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ ඒ පිළිබදව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පරීක්‍ෂණයක් කළ නමුත් මෙවන් තහනමක් පිළිබදව මේ දක්වා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී නොමැති බවයි.
ලොකුආරච්චි පැදවූ මෝටර් රථයෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් මීට වසර කීපයකට පෙර ඔහු දැඩි කථා බහට ලක්වූ චරිතයක් බවට ද පත්විය.
ලොකුආරච්චි පසුගිය වසරේ බී. පී. එල්. තරගාවලියේ තරග හතකට ක‍්‍රීඩා කර ලකුණු 7 ක් පමණක් රැස්කර ඇති අතර කඩුලූ 6 ක් දවාගෙන තිබේ. 32 හැවිරිදි ලොකුආරච්චි ටෙස්ට් තරග 4 කදී, එක්දින තරග 21 කදී සහ විස්සයි20 තරග 2 කදී ශ්‍රී ලංකා පිල නියෝජනය කර තිබේ.
බංග්ලාදේශ ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලිය පසුගිය වසරේ ජනවාරි මස පැවැති අතර එහිදී ඩකා ග්ලැඩියේටර්ස් පිලම නියෝජනය කළ බංග්ලාදේශ ක‍්‍රිකට් පිලේ හිටපු නායකයකු මෙන්ම ප‍්‍රබල පිතිකරුවකු වන මෙහොමඞ් අෂ්රාෆුල්ද තරග පාවාදීමට මුදල් ලබාගත් බව පාපොච්චාරණය කළේය.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සහ කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල්ද මෙම තරගාවලියේදී ඩකා ග්ලැඩියේටර්ස් පිල නියෝජනය කළහ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.