Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ශූරතාව දිනයි

ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ශූරතාව දිනයි

editorial - 2024 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට අනුබද්ධිත ආයතන අතර කොළඹ ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවති සුහද ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කළ ‘ආකයිව්ස් ග්ලැඩියේටර්ස්’ කණ්ඩායම සමත් විය. 

‘ආකයිව්ස් ග්ලැඩියේටර්ස්’ කණ්ඩායම නියෝජනය කළ එස්.ඩී.ඩී දුලංජලී මහත්මිය තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය. මධ්‍යම සංස්කෘතික අරමුදල නියෝජනය කළ සී.සී.එෆ්. වොරියර්ස් කණ්ඩායමට තරගාවලියේ අනු ශූරතාව හිමි විය. 

තරගාවලියේ දක්ෂතම පිතිකරුවාට හිමි කුසලානය මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු කණ්ඩායම නියෝජනය කළ එම්.ආර්.එම්. සාලික් මහතා දිනාගත් අතර දක්ෂතම පන්දු යවන්නාට හිමි කුසලානය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හෙරිටේජ් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කළ සාරංග සඳමාල් මහතා දිනගත්තේය.

මෙම සුහද ක්‍රිකට් තරගාවලිය විදුර වික්‍රමනායක මහතාගේ අදහසක් මත බුද්ධශාසන අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරිණි. 

අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන් ඇතුළු බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයට අනුබද්ධිත සියලුම අයතනවල නිලධාරි මහත්ම මහත්මිහු මෙම අවස්ථාවට සහභාගී වූහ. 


-036 


අදහස් (0)

ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.