අන්තර් පාසල් 17 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ දෙවැනි වටයේ කොළඹ ලූම්බිණි විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර පැවැති තරගයෙන් කඩුලූ 8 ක ජයක් අත්කර ගැනීමට ලූම්බිණි විදුහල සමත්විය.
තරගය ජයගැනීම සඳහා ලකුණු 73 ක පහසු ඉලක්කයක් හඹාගිය ලූම්බිණි විදුහල කඩුලූ 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර නොදැවී ලකුණු 45 ක් රැස්කළ විමුක්ති ඇල්ලෙගොඩ තම කණ්ඩායමේ ජයග‍්‍රහණය පහසු කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් විද්‍යාර්ථ විදුහලට සියලූ දෙනා දැවී රැුස්කරගත හැකිවූයේ ලකුණු 72 ක් පමණි. ලකුණු 10 කට කඩුලූ 4 ක් දවාගත් තනුක දාබරේ විද්‍යාර්ථ විදුහල් ඉනිම සුනුවිසුණු කර දැමූ අතර සාලිය මධුවන්ත ලකුණු 22 කට කඩුලූ 3 ක්ද, චානක දේවින්ද ලකුණු 4 කට කඩුලූ 2 ක්ද දවාගනිමින් ඔහුට මනා සහයක් දුන්හ.
විද්‍යාර්ථ විදුහල ඕවර 28.4 කදී සියලූ දෙනා දැවී 72
(තනුක දාබරේ 10/4, සාලිය මධුවන්ත 22/3, චානක දේවින්ද 4/2)
ලූම්බිණි විදුහල ඕවර 6.2 කදී කඩුලූ 2 ක් දැවී 73
(විමුක්ති ඇල්ලෙගොඩ නොදැවී 45)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.