Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර “නීල හරිත” මහා ක්‍රකට් තරගයට සමගාමීව පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගය මේ මස 6 වන දින කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
මෙම තරගය පිළිබඳ දැනුවත් කිරීමට මාධ්‍ය හමුවක් බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවැති අතර මෙහිදී බණ්ඩාරනායක විදුහල්පති ලාල් දිසානායක මහතා අදහස් දක්වමින් පැවසූවේ කොළඹින් පිටත පාසලක් මෙවන් තරගයකට සහභාගී වීමේදී විවිධ බාධක පවතින බවත් එසේ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට, බණ්ඩාරනායක විද්‍යාලයෙන් නුවන් කුලසේකර වැනි ක්‍රීඩකයෙකු බිහි කිරීමට හැකි වූ බවයි.
ලුම්බිණි විදුහලේ විදුහල්පති කේ.ජී විමලසේන මහතා වෙනුවෙන් ක්‍රීඩා භාර ආචාර්ය බී. එම්. එස්. දිසානායක මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ලුම්බිණි විද්‍යාලයෙන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිකර ඇති බැවින් ඉදිරියේදීද එවැන් තත්ත්වයක් ඇතිකරගැනීම අපේක්ෂාව ඇති බවයි.
ලුම්බිණි කණ්ඩායමේ නායකයා ලෙස තනුක දාබරේද සහ බණ්ඩාරනායක කණ්ඩායමේ නායකයා ලෙස සසිරි අධිකාරීද කටයුතු කරති. බණ්ඩාරනායක විදුහලේ පුහුණුකරු ලෙස කණිෂ්ක අමරසිංහ මහතාද, ලුම්බිණි විදුහලේ පුහුණුකරු ලෙස දිනේෂ් වීරසිංහ මහතාද කටයුතු කරති.
බණ්ඩාරනායක කණ්ඩායමේ නායක සසිරි අධිකාරී සහ |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.