Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (2017) තේරීමේ තරගයේ 21 වැනි සතිය නිමාවන විට පිට පිටම හත්වැනි වරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැක ගැනීමට මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 14,960 ත් සමගින් මේ වන විට ඔහු ලබා සිටින මුලු ඡන්ද සංඛ්‍යාව 165,289 කි.
සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල්, මේ වන විට ඡන්ද 136,205 ක් ලබා සිටින අතර ගෙවීගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 2439 කි. ඒ අනුව ඔහු සහ ලසිත් අතර ඡන්ද සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පැවැති ඡන්ද පරතරය 16,563 සිට 29,084 ක් දක්වා වැඩි වී තිබේ.
තරගය අවසන් වීම සඳහා ඇත්තේ තවත් සති 6 ක් පමණක් බැවින් එම සති 6 තුළදී වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීම සඳහා මෙම ක්‍රීඩකයන් දෙදෙනා අතර ඉතා තියුණු තරගයක් බලාපොරොත්තු විය හැකිය. මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත් ඡන්ද 61,918 ක් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු සිය ඡන්ද ගොන්නට අලුතින් එක්කර ගෙන ඇත්තේ ඡන්ද 347 ක් පමණි.
කොළඹ තර්ස්ටන් විදුහලේ චරණ නානායක්කාර සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක පිළිවෙළින් ඡන්ද 10,490 ක් සහ 9189 ක් බැගින් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති.
පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 4259 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පාදුක්ක සිරි පියරතන විදුහලේ ප්‍රභාෂ් මඳුරංග ඡන්ද 1821 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.
තරග ආරම්භයේ සිට මේ දක්වාම අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටි ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් (ඡන්ද 331) දෙවැනි ස්ථානයට ඇද දමමින් එහි පෙරමුණ ගැනීමට මෙතෙක් දෙවැනි ස්ථානයේ රැදී සිටි විචර්ලි ජාත්‍යන්තර පාසලේ තාරික් හනීෆ් (ඡන්ද 357) සමත්ව තිබේ.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට ‘අඅඅගාස්කදටගකනරැජරසජනැඑ’ වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.
සමස්ත ලංකා පාසල් කාණ්ඩය | ||
ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
ලසිත් කෘස්පුල්ලේ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 165,289 |
නවිඳු නිර්මාල් | ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල | 136,205 |
මොහොමඞ් නජත් | මරදාන සහිරා විදුහල | 61,918 |
චරණ නානායක්කාර | කොළඹ තර්ස්ටන් විදුහල | 10,490 |
සන්තුෂ් ගුණතිලක | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 9189 |
දිනිත බස්නායක | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 6603 |
රොමේෂ් නල්ලපෙරුම | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 6415 |
හේලිත විතානගේ | කොළඹ රාජකීය විදුහල | 1832 |
නිකේෂ් අංජන | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 1512 |
මොහොමඞ් රිෆාස් | ජනාධිපති විදුහල | 1368 |
නැගී එන පාසල් කාණ්ඩය | ||
ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
පුලිත යසස් | පානදුර ශ්‍රී සුමංගල විදුහල | 4259 |
ප්‍රභාෂ් මඳුරංග | පාදුක්ක සිරි පියරතන විදුහල | 1821 |
සහන් පෙරේරා | පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල | 322 |
ඉමේෂ් බස්නායක | ගම්පහ ශාන්ත පීතර විදුහල | 305 |
ගිම්හාන ධනුෂාන් | පිළියන්දල මැදි විදුහල | 130 |
නිපුන රංසික | පී. ද එස්. කුලරත්න විදුහල | 98 |
මෙතුෂාන් තිළිණ | කෑගලු විද්‍යාලය | 84 |
සුමින්ද ලක්ෂාන් | මෝදර ද ලාසාල් විදුහල | 51 |
රවීන් යසස් | රත්ගම දේවපතිරාජ විදුහල | 44 |
හිරුෂ මෙන්ඩිස් | බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල | 32 |
තිසර දිල්ෂාන් | පොළොන්නරුව ජාතික පාසල | 8 |
ශෘෂී අධිෂ්ඨාන | කුරුණෑගල ශාන්ත බර්නඩෙත් විදුහල | 1 |
අන්තර් ජාතික පාසල් කාණ්ඩය | ||
ක්‍රීඩකයා | පාසල | ඡන්ද |
තාරික් හනීෆ් | විචර්ලි ජාත්‍යන්තර පාසල | 357 |
ශිම්රාස් ශාහිල් | ඇලීතියා ජාත්‍යන්තර පාසල | 331 |
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 මොහාන් සවේරිමුත්තු, 235/9, ග්‍රීන් වුඞ් ටෙරස්, කෙරවලපිටිය, හැඳල, වත්තල
2 එෆ්. රම්සා, 12/28, අරලිය උයන, ගොකරන, පානදුර
3 ජනනි පෙරේරා, 27/158, බිග් සිටි, බාලිකා නිවාස පාර, රුක්මලේ, පන්නිපිටිය
4 ජී. ඩී. මහින්ද ලාල්, 279/4, ඕවිටිගම, පාදුක්ක
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.