Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලසිත් ඡන්ද 150,000 පසුකරයි

ලසිත් ඡන්ද 150,000 පසුකරයි

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (2017) තේරීමේ තරගයේ 19 වැනි සතිය නිමාවන ඡන්ද 150,000 සීමාව පසුකර යෑමට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ සමත්ව සිටියි. ගෙවීගිය සති 2 තුළදී ලබාගත් ඡන්ද 30,167 ත් සමගින් මේ වන විට ලසිත් ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 150,083 කි.

සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල්, මේ වන විට ඡන්ද 124,744 ක් ලබා සිටින අතර ගෙවීගිය සති 2 තුළදී ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 16,505 කි. ඒ අනුව ඔහු සහ ලසිත් අතර ඡන්ද සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පවතින ඡන්ද පරතරය 25,339 ක් දක්වා වර්ධනය වී තිබේ.  

මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත් ඡන්ද 60,172 ක් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ගෙවී ගිය සති 2 තුළදී ඔහු සිය ඡන්ද ගොන්නට අලුතින් එක්කර ගැනීමට සමත්ව ඇත්තේ ඡන්ද 1007 ක් පමණි.

කොළඹ තර්ස්ටන් විදුහලේ චරණ නානායක්කාර සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක පිළිවෙළින් ඡන්ද 10,467 ක් සහ 9093 ක් බැගින් ලබා සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිති.

පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 4052 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහලේ සහන් පෙරේරා ඡන්ද 278 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

තරග ආරම්භයේ සිට මේ දක්වාම අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ක්‍රීඩකයන් අතර පෙරමුණ ගෙන සිටින ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 319 ක් ලබා සිටියි.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට www.dialog.lk/cricket  වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය.

 

සමස්ත ලංකා පාසල් කාණ්ඩය 
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ලසිත් කෘස්පුල්ලේ මීගමුව මාරිස්ටෙලා විදුහල 150,083
නවිඳු නිර්මාල්  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල  124,744
මොහොමඞ් නජත්  මරදාන සහිරා විදුහල  61,179
චරණ නානායක්කාර  කොළඹ තර්ස්ටන් විදුහල 10,467
සන්තුෂ් ගුණතිලක  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  9093
රොමේෂ් නල්ලපෙරුම  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල  6414
දිනිත බස්නායක  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල  6265
හේලිත විතානගේ  කොළඹ රාජකීය විදුහල 1820
මොහොමඞ් රිෆාස්  ජනාධිපති විදුහල  1333
නිකේෂ් අංජන  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 1256
ලක්ෂිණ රොද්‍රිගූ  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  1208
සහන් සුරවීර  කොළඹ ආනන්ද විදුහල  692
හරීන් බුද්දිල  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල 535
දිලීප ජයලත්  කොළඹ ආනන්ද විදුහල  531
පී. ඒ. ධනංජය  ගාල්ල රිච්මන්ඞ් විදුහල  291
නැගී එන පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
පුලිත යසස්  පානදුර ශ්‍රී සුමංගල විදුහල  4052
සහන් පෙරේරා  පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල  278
ඉමේෂ් බස්නායක ගම්පහ ශාන්ත පීතර විදුහල  266
ගිම්හාන ධනුෂාන්  පිළියන්දල මැදි විදුහල 130
නිපුන රංසික පී. ද එස්. කුලරත්න විදුහල  98
මෙතුෂාන් තිළිණ  කෑගලු විද්‍යාලය  84
සුමින්ද ලක්ෂාන්  මෝදර ද ලාසාල් විදුහල 46
රවීන් යසස්  රත්ගම දේවපතිරාජ විදුහල 44
හිරුෂ මෙන්ඩිස්  බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල  32
තිසර දිල්ෂාන්  පොළොන්නරුව ජාතික පාසල  8
ශෘෂී අධිෂ්ඨාන  කුරුණෑගල ශාන්ත බර්නඩෙත් විදුහල  1
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ශිම්රාස් ශාහිල්   ඇලීතියා ජාත්‍යන්තර පාසල   319
තාරික් හනීෆ්  විචර්ලි ජාත්‍යන්තර පාසල  30

 

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ

1 ජේ. ඒ. හේමපාල, 18, වැල්හේන, මිනුවන්ගොඩ
2 ඇන්තනී ජෝෂප්, 181, වැලිකඩ, මාකෙවිට
3 නිපුන් ප්‍රනාන්දු, 13/8, කනකරත්න පෙදෙස, ලක්ෂපතිය, මොරටුව
4 නිලූපා නිෂාන්ති, 452/ඒ5, පිටිපන උතුර, හෝමාගම

 

- 036

 


අදහස් (0)

ලසිත් ඡන්ද 150,000 පසුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.