ශී‍්‍ර ලංකාවේ ටෙස්ට් තරගවල ලකුණු සටහන් කිරීම සඳහා පළමු වතාවට පරිගණකය හඳුන්වා දුන් තුෂාර කුරේ මහතා ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ලකුණු සටහන් කිරීමට පරිගණකයක් භාවිතා කරයි.
පරිගනක විද්‍යා උපාධිධරයකු වන කාවන් රත්නායක මහතාගේ පරිගණක ශිල්පීය ඥාණයත් කි‍්‍රකට් ලකුණු සටහන්කරුවකු වශයෙන් වසර 30 කට ආසන්න කාලයක් කටයුතු කරන තුෂාර කුරේ මහතාගේ අත්දැකීම් සම්භාරයත් එක් කරමින් ලකුණු සටහන් කිරීම සඳහා යොදාගන්නා මෙම පරිගණක මෘදුකාංගය නිර්මාණය කර තිබේ.
ශී‍්‍ර ලංකාව සහ දකුණ අපි‍්‍රකාව අතර පසුගිය 6 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැති එක්දින අන්තර්ජාතික තරගයේදීත් මාධ්‍ය කුටියේ ලකුණු සටහන් කිරීම සඳහාත් තුෂාර කුරේ මහතා විසින් පරිගණකය යොදාගන්නා ලදි.
වසර 27 කට පෙර, ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැති ටෙස්ට් තරගයේ ලකුණු සටහන් කිරීම සඳහා එවකට පැවැති ‘රෙඩි රෙකනර්’ නම් ලකුණු සටහන් පොතත් රැුගෙන කොළඹ සී. සී. සී. පිටියට පැමිණි තුෂාර කුරේ මහතා පසුකලෙකදී ටෙස්ට් සහ එක්දින තරග සඳහා එකිනෙකට වෙනස් ආකාරයේ ලකුණු සටහන් පොත් දෙකක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලය වෙනුවෙන් නිර්මාණය කළේය.
කෙසේ වෙතත් පසුකළෙකදී කිසිවකුට නොදැනීම තුෂාර කුරේ මහතාගේ නම කි‍්‍රකට් ලකුණු සටහන් පොතෙන් හැළී ගොස් තිබිණ.
මේ වන විට ටෙස්ට් තරග 80 කට සහ එක්දින අන්තර්ජාතික තරග 250 කට වැඩි සංඛ්‍යාවක ලකුණු සටහන් කරුවා වශයෙන් කටයුතු කර ඇති තුෂාර කුරේ මහතා ශී‍්‍ර ලංකා ලකුණු සටහන් කරුවන්ගේ සංගමය පිහිටුවීමේලා පුරෝගාමී මෙහෙවරක් කළ අයෙකි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන කාවන් රත්නායක මහතා ලන්ඩන් නුවර ප්‍රධාන පෙළේ පරිගණක පාසලක උපාධිධරයෙකි.
අන්තර්ජාතික කි‍්‍රකට් තරගයක් සඳහා ලකුණු සටහන් කරුවෝ සිවුදෙනෙක් යොදා ගැනෙති. ඒ ලකුණු පුවරුව සඳහා නිල ලකුණු සටහන් කරුවන් දෙදෙනකුද, මාධ්‍ය කුටිය සහ දැවැන්ත රූපවාහිනී තිරය සඳහා ලකුණු සටහන්කරුවකුද වශයෙනි.
ඡායාරූපය - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.