රිජ්වේ ආර්යා ළමා රෝහල් කමිටුව සහ එක්සත් කී‍්‍රඩා සමාජය එක්ව 5 වැනි වරටත් සංවිධානය කරන රෝහල් කමිටු අභියෝග කුසලාන සය සාමාජික කි‍්‍රකට් තරගාවලිය නොවැම්බර් මස 2 සහ 3 යන දිනවලදී දෙමටගොඩ දුම්රිය කී‍්‍රඩා පිටියේදී පැවැත්වේ.
තරගාවලියේ ශූරතාව සඳහා මුදලින් රුපියල් 50,000 ක් ද, අනුශූරතාව සඳහා මුදලින් රුපියල් 25,000 ක් ද පිරිනැමෙන අතර තෙවැනි ස්ථානය සඳහා පිරිනැමෙන මුදල රුපියල් 10,000 කි.
තරගාවලියේ වීරයා, අවසන් තරගයේ වීරයා, දක්ෂතම පිතිකරු සහ දක්ෂතම පන්දු යවන්නා සඳහාද මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායක කමිටුව සූදානමින් සිටී.
තරගාවලියට සහභාගීවීම සඳහා රාජ්‍ය ආයතන සහ සෞඛ්‍ය සේවා දෙපාර්ථමේන්තුවට අයත් අනිකුත් ආයතන වලට මේ මස 25 වැනිදාට පෙර අයදුම් කළ හැකිය.
071-8332572 සහ 077-5167301 යන දුරකතන අංක ඔස්සේ තරගාවලිය පිළිබඳ වැඩිවිස්තර දැනගත හැකිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.