Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රෙඩ්බුල් ක්‍රිකට් තරග 3 දා සිට

රෙඩ්බුල් ක්‍රිකට් තරග 3 දා සිට

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අතර පැවැත්වෙන ප්‍රධානම ක්‍රිකට් තරගාවලියක් වන ‘රෙඞ්බුල්’ විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලිය ලබන ජූලි මස 3 වැනිදා කොළඹදී ආරම්භ වේ. මෙම තරගාවලියේ ශූරතාව දිනාගනා ගන්නා කණ්ඩායම ලබන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ලෝක විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබයි.

මෙවර දේශීය තරගාවලියට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන 20 ක් සහභාගි වීමට නියමිතය.

විස්සයි20 තරගාවලියක් වන මෙහි පළමු වටයේ තරග ජුලි මස 3 වැනිදා සිට 5 වැනිදා දක්වා කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ සහ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අර්ධ අවසන් පූර්ව තරග ජුලි 6 සහ 7 දෙදින තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදීද, අවසන් පූර්ව සහ අවසන් මහ තරගය ජුලි මස 21 සහ 22 දෙදින පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම තරගාවලියේ පසුගිය වසරේ ශූරයන් වූ ශ්‍රී ලංකා බී.එම්.එස්. කණ්ඩායම ලෝක තරගාවලියේ ශූරයන් බවට ද පත්විය. එම කණ්ඩායමට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලයි.

ලෝක තරගාවලියට සහභාගි වීමේ බලාපොරොත්තුවෙන් ඕස්ටේ්‍රලියාව, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ සිම්බාබ්වේ යන රටවල්වලද මෙවැනි දේශීය තරගාවලි පැවැත්වේ. මෙම තරගාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නිරෝෂන් දික්වැල්ල පැවසුවේ මෙම විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලිය ඉතාමත් ඉහළ තරගකාරී තත්ත්වයක ඇති බවයි.

“මෙම තරගාවලියේදී ලොව පුරා ක්‍රීඩකයන් හඳුනා ගැනීමට හැකි වීම ක්‍රීඩකයකු හැටියට මට ඉතාමත් හොඳ දෙයක්. මෙහිදී එම අවස්ථාව අපිට ලැබී තිබෙනවා” යැයි දික්වැල්ල වැඩි දුරටත් පැවසීය.

එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පිලේ යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා පිලේ හිටපු උප නායක ළහිරු තිරිමාන්න සහභාගි වූහ. මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු මෙන්ම කඩුලු රකින්නාද වන පිතිකරු බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා කටයුතු කරයි.

 

මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් නායකයෝ
 


අදහස් (0)

රෙඩ්බුල් ක්‍රිකට් තරග 3 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.