Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රූපවාහිනී අයිතිය විකිණීම අ.ක්‍රි.ස. කියන හැටියට

රූපවාහිනී අයිතිය විකිණීම අ.ක්‍රි.ස. කියන හැටියට

යොහාන් භාසුර - 2019 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී විකාශන අයිතිය අළෙවි කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) නිලධාරීන් අතර ඩුබායිහි පිටිහි අන්තර්ජාතික ක්‍රිකට් සභා මූලස්ථානයේදී ඊයේ (15) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක හෝ තුනක ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් තරගවල රූපවාහිනී විකාශන අයිතිය විකිණීම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ශෂාන්ත් මනෝහර් මහතාගේ සම්බන්ධීකරණයෙන් එහි ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු නිලධාරීන් කීපදෙනකු මෙම රැස්වීමට සහභාගි වීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස්නිලධාරියකු පැවසුවේ මෙවැනි ගණුදෙනු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක කිරීමෙන් වඩාත් විනිවිදභාවයෙන් කළ හැකි බවයි.

“රූපවාහිනී අයිතිය විකිණීමේ ගනුදෙණු සම්බන්ධයෙන් මීට පෙර විවේචන එල්ල වෙලා තියෙනවා. ඒ නිසා අපි අයි.සී.සී. එක කියන විදියට මෙවර වැඩ කරනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
 
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, උප සභාපතිවරයකු වන රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු සහභාගි වූහ.


      

 


අදහස් (0)

රූපවාහිනී අයිතිය විකිණීම අ.ක්‍රි.ස. කියන හැටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.