Last Update  :  2025-08-07 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රුතුරාජ් - ෆෆ් චෙන්නායි පිලට ජය ගෙනෙති

රුතුරාජ් - ෆෆ් චෙන්නායි පිලට ජය ගෙනෙති

editorial - 2021 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුතුරාජ් ගයික්වාඩ්ගේ (75) සහ ෆෆ් ඩු ප්ලෙසීස්ගේ (56) අර්ධ ශතක හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලිහිදී අද (28 වැනිදා) පැවැති 23 වැනි තරගයේදි සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 18.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසු කිරීමට සමත්විය.

පළමු කඩුල්ල සඳහා පන්දු 78 කදී ලකුණු 129 ක් සම්බන්ධතාවයක් පවත්වමින් චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ජයග්‍රහණයට අඩිතාලම දැමීමට රුතුරාජ් ගයික්වාඩ් සහ ෆෆ් ඩු ප්ලෙසීස් සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරුවන් වූ රුතුරාජ් ගයික්වාඩ් පන්දු 44 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 75 ක් සහ ෆෆ් ඩු ප්ලෙසීස් පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 56 ක් රැස්කිරීමට සමත්විය.

සුරේෂ් රයිනා නොදැවී ලකුණු 17 ක් සහ රවින්ද්‍ර ජදේජා නොදැවී ලකුණු 7 ක් රැස්කරමින් චෙන්නායි පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

සිය ඕවර 4 ලකුණු 36 කට සීමාකළ රෂීඩ් ඛාන් කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 171 ක් රැස්කිරීමට සමත්විය.

අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ඩේවිඩ් වෝනර් සහ මනිෂ් පාන්ඩේ සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යාමට සමත් වූහ.

ඩේවිඩ් වෝනර් පන්දු 55 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 57 ක් රැස්කළ අතර මනිෂ් පාන්ඩේ පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 61 ක් ලබාගත්තේය.

දෙවැනි කඩුල්ල සඳහා පන්දු 83 කදී ලකුණු 106 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ඩේවිඩ් වෝනර් සහ මනිෂ් පාන්ඩේ සමත්වූහ.

කේන් විලියම්සන් පන්දු 10 කදි හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 26 ක් සහ කේදර් ජාදව් පන්දු 4 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 12 ක් රැස්කිරීමට සමත්වූහ. එමෙන්ම ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 13 කදි ලකුණු 37 ක නොබිඳුණු සම්බන්ධතාවයක්ද පැවැත්වූහ.

චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු යවන්නන් 6 දෙනෙකු උපයෝගි කරගත්තද සාර්ථක ප්‍රථිපල නෙලා ගැනීමට අපොහොසත් විය.


සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 171
(ඩේවිඩ් වෝනර් 57, මනිෂ් පාන්ඩේ 61, කේන් විලියම්සන් නොදැවී 26, ලුන්ගි න්ගිඩි 35/2)

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 18.3 කදී කඩුලු 3 ක් දැවී 173
(රුතුරාජ් ගයික්වාඩ් 75, ෆෆ් ඩු ප්ලෙසීස් 56, රෂීඩ් ඛාන් 36/3)

 

 

- 2079

 


අදහස් (0)

රුතුරාජ් - ෆෆ් චෙන්නායි පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.