Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකාවට එරෙහිව කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් ලැබූ ඉන්දියාව, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 220 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 43.2 ක් අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ ලෝකේෂ් රාහුල් පන්දු 103 කට මුහුණ දෙමින් හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 64 ක් රැස්කරමින් සිය කණ්ඩයම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ලකුණු 86 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේදී හර්දීක් පාණ්ඩ්‍යා (36) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 119 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රාහුල්, ඉන් නොනැවතී අක්සර් පටේල් (21) සමග එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 30 ක්ද, කුල්දීප් යාදව් (නොදැවී 10) සමග එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 28 ක්ද එක් කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
නායක රෝහිත් ශර්මාගේ ඉනිම ලකුණු 17 කට සීමා කළ චාමික කරුණාරත්න, මුලු ලකුණු සංඛ්‍යාව 161 ක්ව තිබියදී 5 වැනි කඩුල්ල ලෙස හර්දීක් පාණ්ඩ්‍යාද දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ගෙන ආවේය. එහෙත් සාර්ථක පිතිහරඹයක නිරත වූ පසුපෙළ පිතිකරුවෝ ඉන්දියාවේ ජයග්‍රහණය ඉක්මන් කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට කුල්දීප් යාදව් සහ මොහොමඩ් සිරාජ් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 39.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 215 ක් පමණි. එහිදී කුල්දීප් ලකුණු 51 කට කඩුලු 3 ක්ද, සිරාජ් ලකුණු 30 කට කඩුලු 3 ක්ද දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමූහ.
මෙම තරගය නුවනිඳු ප්‍රනාන්දුගේ මංගල එක්දින තරගය වූ අතර එහිදී පන්දු 63 කින් අර්ධ ශතකයක් ලබාගැනීමට ඔහු සමත් වූයේ හතරේ පහර 6 ක් සමගිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර ඒ හේතුවෙන් නුවනිඳුට කණ්ඩායමේ දොරටු විවර විය.
මුලු ලකුණු සංඛ්‍යාව 21 ක්ව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල බිඳවැටුණද, දෙවැනි කඩුල්ල වෙන්වෙන් පන්දු 66 කදී ලකුණු 73 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමට කුසල් මෙන්ඩිස් (34) සහ නුවනිඳු ප්‍රනාන්දු (50) සමත් වූහ. කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරටද හසුවෙමින් කුසල් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.
එතැන් පටන් ලකුණු 50 ක් ඇතුළත තවත් කඩුලු 4 ක් බිඳවැටීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ විය. එහිදී ධනංජය ද සිල්වා මුහුණදුන් පළමු පන්දුවේදීම ලකුණු නොළඹා දැවී ගිය අතර තරගාවලිය පුරා ඉන්දීය පන්දු යවන්නන්ට ඉතාමත් සාර්ථක ලෙස මුහුණ දෙමින් සිටි නායක දසුන් ශානකට ලබාගත හැකි වූයේද ලකුණු 2 ක් පමණි.
උම්රාන් මලික්ගේ පන්දුවක් හමුවේ පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටි අක්සර් පටේල් අතට උඩ පන්දුවක් දෙමින් වනිඳු හසරංග ලකුණු 21 කට දැවී ගිය අතර චාමික් කරුණාරත්න ලකුණු 17 කට දැවී ගියේද වනිඳුගේ දැවී යෑමේ පුනුරූපණයක් ලෙසිනි. ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ පන්දු 34 කින් ලකුණු 32 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.