Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජ්‍ය සේවා ක්‍රිකට් ශූරතාව ජනමාධ්‍ය අමාත්‍යංශ පිලට

රාජ්‍ය සේවා ක්‍රිකට් ශූරතාව ජනමාධ්‍ය අමාත්‍යංශ පිලට

editorial - 2024 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ ‘එෆ්’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ජනමාධ්‍ය අමාත්‍යංශ කණ්ඩායම සමත් විය. රත්මලාන වාරිමාර්ග දෙපාර්තුමේන්තු ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයේදී මාතර නගරසභා කණ්ඩායමට එරෙහිව ලකුණු 45 ක ජයක් වාර්තා කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශ ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක් හඹා ගිය මාතර නගරසභා කණ්ඩායමට ඕවර 35.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 170 ක් පමණි. එහිදී නුවන් ප්‍රසාද් සහ තිළිණ කුලතුංග කඩුලු 3 බැගින් බිඳහෙළමින් මාතර නගරසභා ඉනිම සුනුවිසුණු කර දැමූහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ජනමාධ්‍ය අමාත්‍යංශ කණ්ඩායම නියමිත ඕවර 40 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 215 ක් රැස්කළ අතර එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට ජනක ප්‍රියන්ත (65) සමත් විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මාතර නරගසභා කණ්ඩායමේ ගයාෂාන් මිලින්ද ලකුණු 52 කට කඩුලු 5 ක් බිඳහෙළුවේය. 

ජනමාධ්‍ය අමාත්‍යංශ කණ්ඩායම රාජ්‍ය සේවා ක්‍රිකට් ශූරතාවක් ජයගත් පලමු අවස්ථාව මෙය වූ අතර සමන් කුමාර මහතා එම කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසත්, තන්ඩුල ජයතුංග මහතා එහි කලමණාකරු ලෙසත් කටයුතු කළහ. 


ජනමාධ්‍ය අමාත්‍යංශ පිල - ඕවර 40 කදී කඩුලු 9 ක් දැවී 215 
(ජනක ප්‍රියන්ත 65, ප්‍රසාද් නිරෝෂන් 36, යොහාන් දිල්ෂාන් 35, දීපල් ගුණවර්ධන 16, ගයාෂාන් මිලින්ද 52/5, ධනුෂ්ක මධුරංග 37/3) 

මාතර නගරසභා පිල - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී 170 
(රොෂාන් බ්‍රයන් 36, ධනුෂ්ක මධුරංග 32, නුවන් ප්‍රසාද් 26/3, තිළිණ කුලතුංග 28/3, බුද්ධික දුනුසිංහ 18/2) 

-036 


අදහස් (0)

රාජ්‍ය සේවා ක්‍රිකට් ශූරතාව ජනමාධ්‍ය අමාත්‍යංශ පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.