
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද (24 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 173 ක් පමණි. එහිදී නායක ලෝකේෂ් රාහුල් (58) සහ නිකලස් පූරන් (නොදැවී 64) අර්ධ ශතක ලබාගත්තද, ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.
පන්දු 44 කදී වාර්තා වූ රාහුල්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ අතර පන්දු 31 කදී වර්තා වූ පූරන්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 කින් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය. දීපක් හූඩා පන්දු 13 කින් ලකුණු 26 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 193 ක් ලබාගත් අතර ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක සංජු සැම්සන් පන්දු 52 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 82 ක් රැස්කළේය.
රියාන් පරාග් (43) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සැම්සන්, ඉන් නොනැවතී ධෲව් ජුරෙල් (නොදැවී 20) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 43 ක නොබිදුණු සම්බන්ධතාවක්ද ගොඩනගමින් රාජස්ථාන් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 193
(යෂස්වි ජයිස්වාල් 24, සංජු සැම්සන් නොදැවී 82, රියාන් පරාග් 43, ධෲව් ජුරෙල් නොදැවී 20, නවීන් උල්හක් 41/2)
ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 173
(ලෝකේෂ් රාහුල් 58, දීපක් හූඩා 26, නිකලස් පූරන් නොදැවී 64, ටේරන්ට් බෝල්ට් 35/2)
-036

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.