Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජස්ථාන් පිලට ලකුණු 10 ක ජයක්

රාජස්ථාන් පිලට ලකුණු 10 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගය ලෙස අහ්මදාබාද්හිදී අද (05) පැවැති දිනයේ පළමු තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පිල ලකුණු 10 කින් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් විය.

ලකුණු 171 ක ඉලක්කය හඹාගිය කොල්කටා පිලට  ඕවර 20 දී කඩුලූ 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 160 ක් පමණි. ෂේන් වොට්සන් යැවූ අවසන්  ඕවරයට ලකුණු 17 ක් ලබා ගැනීමට තිබුණ ද, ශකීබ් අල් හසන් සහ සූර්්‍යකුමාර් යාදේව් රැුස් කළේ ලකුණු 7 ක් පමණි.

ආරම්භක පිතිකරුවන් වූ රොබින් උත්තප්පා (65) සහ ගෞතම් ගාම්බීර් (54) පන්දු 65 කදී ලකුණු 121 ක සම්බන්ධතාවක් පැවැත්වුවද සෙසු පිතිකරුවන් ආසාර්ථක වීමෙන් පරාජය වැළද ගැනීමට සිදුවිය.

රාජස්ථාන් පිලේ නායක ෂේන් වොට්සන් යැවූ ඉනිමේ 15 වැනි  ඕවරයේ පළමු පන්දුවේදී ගෞතම් ගාම්බීර් දැවී යෑමේ සිට ලකුණු දෙකක් තුළ කඩුලූ 6 ක් බිඳ වැටෙමින් 16 වැනි ඕවරයේ දෙවැනි පන්දුව අවසන් වන විට ලකුණු 123 කට කඩුලූ හයක් බවට පත්විය.

කරුන් නසීර් පන්දු 35 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 44 ක් රැස්කරමින් රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. අජින්යා රහනේ පන්දු 22 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 30 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේය.
 
කොල්කටා පිලේ නායක ගෞතම් ගාම්බීර් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය. කොල්කටා පිල නියෝජනය කළ ප‍්‍රබලතම විදේශිය ක‍්‍රීඩකයකු වූ දකුණු අප‍්‍රිකානු තුන් ඉරියව් ක‍්‍රීඩක ජැක් කලිස්ට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවිය.


රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 170 (අජින්යා රහනේ 30, කරුන් නසීර් 44, සංජු සැම්සන් 37, ෂේන් වොට්සන් 31, ස්ටුවට් බෙනි 11, විනෙයි කුමාර් 42/2, සුනිල් නරේන් 28/2)

කොල්කටා නයිට් රයිඩර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 160 (රොබින් උත්තප්පා 65, ගෞතම් ගාම්බීර් 54, ශකීබ් අල් හසන් නොදැවී 21, ෂේන් වොට්සන් 21/3, ප‍්‍රවීන් ටම්බි 26/3)

 

- 048


අදහස් (0)

රාජස්ථාන් පිලට ලකුණු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.