Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජසිංහ විදුහලට පළමු ඉනිමේ ජයක්

රාජසිංහ විදුහලට පළමු ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2017 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හංවැල්ල රාජසිංහ විදුහල සහ කොළඹ ඩඞ්ලි සේනානායක විදුහල අතර හංවැල්ලේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රාජසිංහ විදුහල සමත් විය.

රාජසිංහ විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සවින්ද සිල්වා (68) සහ නෙත්සර පෙරේරා (50) සමත් වූ අතර ඩඞ්ලි සේනානායක විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට පුලස්ති ගල්දෙණිය (58) සමත් විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ රාජසිංහ විදුහලේ සචිත් මලින්ද ලකුණු 41 කට කඩුලූ 5 ක් දවාගත්තේය.

රාජසිංහ විදුහල පළමු ඉනිම -  ඕවර 91.5 කදී සියලූ දෙනා දැවී 264
(සවින්ද සිල්වා 68, නෙත්සර පෙරේරා 50, කසුන් කේෂාන් 40, බී. ආර්. සසංග 70/3)

ඩඞ්ලි සේනානායක විදුහල පළමු ඉනිම -  ඕවර 55.2 කදී සියලූ දෙනා දැවී 157
(පුලස්ති ගල්දෙණිය 58, ලජිත් ජයවීර 48, සචිත් මලින්ද 41/5, කසුන් හේෂාන් 42/2)

ඩඞ්ලි සේනානායක විදුහල දෙවැනි ඉනිම -  ඕවර 24 කදී කිසිවකු නොදැවී 61  
(ලජිත් ජයවීර නොදැවී 33, ධනංජය කරුණාරත්න නොදැවී 23)

-036

 


අදහස් (0)

රාජසිංහ විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.