අන්තර් පාසල් 15 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ III වැනි කොටසේදී සහභාගිවූ තරග සියල්ලම ජයග‍්‍රහණය කිරීමට හංවැල්ල රාජසිංහ මධ්‍ය විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ. තරග පහකින් යුතු තරගාවලියේ කණ්ඩායම් දෙකක් තරගාවලියෙන් ඉවත් වූ අතර ඉතිරි තරග තුනම ජයගත් රාජසිංහයෝ අපරාජිත වාර්තාවක් රැකගනිමින් දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.
පින්දෙණිය මහා විද්‍යාලය සමග පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ නමුත් ලකුණු වේගය මත එම තරගය ජයගත් රාජසිංහ විදුහල් කී‍්‍රඩකයෝ කළුඅග්ගල දොන් බොස්කෝ විද්‍යාලයට එරෙහි තරගය කඩුලූ 7 කින්ද, දැරණියගල සිරි සමන් විද්‍යාලයට එරෙහිව පැවැති තරගය කඩුලූ 8 කින් ද ජයග‍්‍රහණය කළහ.
පින්දෙනිය විදුහලට එරෙහිව ලකුණු වේගය මත ජයක්
කෑගල්ල පින්දෙනිය මහා විද්‍යාලය ඕවර 38.2 කදී සියලූ දෙනා දැවී 101 (එල්. ගුණසිංහ 37, සුජිත් කුමාර 13, සචින්තන රණවීර 25/4, ඩිලාන් විනෝද් 20/3, සංජුල පි‍්‍රයාංජන 21/2)
රාජසිංහ මහා විද්‍යාලය ඕවර 26.4 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 86 (හසිඳු නෙත්සර නොදැවී 29, රන්දික පීරිස් නොදැවී 14, පී මුහන්දිරම් 17/3, ජී චන්ද්‍රසිරි 21/2)
කළුඅග්ගල ශාන්ත දොන් බොස්කො විදුහලට එරෙහිව කඩුලූ 7 ක ජයක්
ශාන්ත දොන් බොස්කො විදුහල ඕවර 34.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 81 (ඞී වීරසිංහ 18, එල් වීරසිංහ 10, ඩිලාන් විනෝද් 16/3, සංජුල පි‍්‍රයංජන 21/3, ඉසුරු උපසාන් 22/3)
රාජසිංහ මහා විද්‍යාලය ඕවර 13.4 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 84 (රන්දික පීරිස් නොදැවී 26, ගිහාන් හර්ශණ 26, ඩිලාන් විනෝද් 17, සී ඉද්දමල්ගොඩ 20/2)
සිරි සමන් මහා විදුහලට එරෙහිව කඩුලූ 8 ක ජයක්
දැරනියගල සිරි සමන් මහා විදුහල ඕවර 42 සියළු දෙනා දැවී ලකුණු 88 (එස් කුමාර 29, හේශාන් රන්දික 14/3, ඉසුරු උපසාන් 20/2, සන්ජුල පි‍්‍රයාංජන 7/2)
රාජසිංහ මහා විද්‍යාලය ඕවර 13.4 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 87 (ගිහාන් හර්ෂණ 51, තෙනුර නිවන්ත 23, එස් ගුණරත්න 19/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.