Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීයයෝ සා. තෝමස් ඉනිම වනසති

රාජකීයයෝ සා. තෝමස් ඉනිම වනසති

editorial - 2021 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

රාජකීය පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් එස්.එස්.සී ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 142 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික පාසල් ක‍්‍රිකට් තරගය දෙවැනි දිනය වන අද (29 වැනිදා) නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටින සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 87 කට කඩුලූ 9 ක් අහිමිකරගෙන සිටියේය.

කාසියේ වාසිය දිනාගත් රාජකීය විදුහල් නායක අහන් වික‍්‍රමසිංහ පළමු පන්දුවට පහරදීම සඳහා සාන්ත තෝමස් විද්‍යාලයට ආරාධනා කළ අතර තේ පානය සඳහා තරගය නතර කරන විට ලකුණු 48 කට ඔවුන්ගේ කඩුලූ 8 ක් බිඳ වැටී තිබුණි. පෙර දින රාත‍්‍රියේ ඇද හැලූණු වර්ෂාව හේතුවෙන් අද දින තරග ආරම්භය ප‍්‍රමාද වූ අතර පස්වරු 1.00ට තරගය ආරම්භ විය.

නොසිතූ අයුරින් තෝමසුවන්ගේ කඩුලූ 8 ක් ලකුණු 35 ක් තුල අහිමිවීමෙන් පසුව 9 වැනි කඩුල්ල සඳහා එක්වූ යසිරු රොද්‍රිගූ සහ මහිත පෙරේරා පන්දු 128 කදී ලකුණු 38 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සිය පාසලේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට සමත්වූහ.

පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 22 ක් ලබාසිටි මහිත පෙරේරාට පිටියෙන් ඉවත්වීමට සිදුවුවද, අවසන් පිතිකරුවා ලෙස පිටියට පිවිසි රජිඳු තිලකරත්න සමගින් එක්ව දිනය අවසන් වනතෙක් කඩුල්ල ආරක්ෂා කර ගැනීමට යසිරු රොද්‍රිගූ සමත්විය. මේ වනවිට අවසන් කඩුල්ල සඳහා ලකුණු 14 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ඔවුන් සමත්වූහ.

පන්දු 97 කට මුහුණදී ඇති යසිරු රොද්‍රිගූ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 30 ක් රැස්කර තිබිණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ගිහාන් බාලසූරිය කඩුලූ 4 ක් ද, සොනාල් අමරසේකර කඩුලූ 3 ක් ද, කවිඳු පතිරත්න සහ ඩෑන් පොද්දිවෙල කඩුල්ල බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

මේ වසරේ පැවැත්වෙන පළමු සහ එකම වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය වූ 142 වැනි ‘නිල් මහ සටන’ තරගයේ තෙවැනි සහ අවසන් දිනය හෙට (30 වැනිදා) පැවැත්වේ.


සා.තෝමස් විද්‍යාලීය පළමු ඉනිම -  ඕවර 47 කදී කඩුලූ 9 ක් දැවී 87
(යසිරු රොද්‍රිගූ නොදැවී 30, මහිත පෙරේරා 22, කැනිස්ටස් ගුණරත්නම් 12, ගිහාන් බාලසූරිය 33/4, සොනාල් අමරසේකර 10/3, කවිඳු පතිරත්න 17/1, ඩෑන් පොද්දිවෙල 12/1)


අදහස් (0)

රාජකීයයෝ සා. තෝමස් ඉනිම වනසති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.