Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාගමට එරෙහිව රොෂේන්ගෙන් ශතකයක්

රාගමට එරෙහිව රොෂේන්ගෙන් ශතකයක්

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (12 වැනිදා) පැවැති තරගයේදී රාගම ක‍්‍රීඩා සමාජය පරදවා ලකුණු 40 කින් ජය ගැනීමට කෝල්ට්ස් පිල සමත්විය.

රාගම ක‍්‍රීඩා සමාජය කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට කෝල්ට්ස් කණ්ඩායමට ආරාධනා කළේය. කෝල්ට්ස් පිල ඕවර 50 කදී කඩුලූ 8ක් දැවී ලකුණු 265 ක් රැස්කර ගත් අතර පන්දු 119 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 104 ක් රැස් කිරීමට රොෂේන් සිල්වා සමත්විය. සචිත් පතිරණ අර්ධ ශතකයක් (51) ලබා ගත්තේය.

ලකුණු 266 ක ඉලක්කයක් හඹාගිය රාගම ක‍්‍රීඩා සමාජයට  ඕවර 47.3 කදී සියලූ දෙනාම දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 225 ක් පමණි. ඉයන් ඩැනියල් අර්ධ ශතකයක් ලබාගත් අතර සචිත් පතිරණ සහ ඩිල්රුවන් පෙරේරා කඩුලූ 3 බැගින් දවා ගැනීමට සමත්විය.

කෝල්ට්ස්  ඕවර 50 කදී කඩුලූ 8ක් දැවී 265
(රොෂේන් සිල්වා නොදැවී 104, සචිත් පතිරණ 51, අලංකාර අසංක 33/2, නිලංක පේ‍්‍රමරත්න 59/2, ළහිරු ජයරත්න 70/2)

රාගම  ඕවර 47.3 කදී සියලූ දෙනාම දැවී 225
(ඉයන් ඩැනියල් 64, මාලිංග බණ්ඩාර 31, සචිත් පතිරණ 17/3, ඩිල්රුවන් පෙරේරා 31/3, කණිෂ්ක ඇල්විටිගල 43/2)

 

 


අදහස් (0)

රාගමට එරෙහිව රොෂේන්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.