Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රයිගම් - සල්පිටි සටන 5-6 දිනවල මොරටුවේදී

රයිගම් - සල්පිටි සටන 5-6 දිනවල මොරටුවේදී

editorial - 2024 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අඟුරුවාතොට   මංගල එදිරිසිංහ)

හොරණ තක්ෂිලා මධ්‍ය විදුහල සහ පිළියන්දල මධ්‍ය විදුහල අතර පවත්වනු ලබන රයිගම් - සල්පිටි වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම අප්‍රේල් සහ 05 සහ 06 දෙදින මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී  පැවැත්වේ.

මෙවර 22 වරටත් පවත්වනු ලබන රයිගම් - සල්පිටි ක්‍රිකට් ගැටුමේ පසුගිය වර්ෂයේ ජයග්‍රහණය හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලය විසින් හිමි කරගන්නා ලදී..

මෙම  කන්ඩායම් දෙකම ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ දෙවැනි පෙළ ‘ඒ‘ කාණ්ඩයේ ක්‍රීඩා කරන පාසල් දෙකකි..

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ලෙස නිලූක වීරසිංහ  මහතාත් ක්‍රීඩාභාර ආචාර්යවරයා ලෙස පී. වයි .අයි . ආටිගල මහතාත් කටයුතු කරති.  කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස  මනෝජ් චානක මහතා ද සහය පුහුණු කරු ලෙස  කුමේශ් උමින්ද මහතා ද කටයුතු කරති. 

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස  ඩී. පී.උඩවත්ත  මහතා කටයුතු කරයි. ක්‍රීඩා භාර ආචාර්යවරයා ලෙස පූජ්‍ය විමලඥාන හිමියෝ කටයුතු කරති. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අසංග චන්දිමාල් මහතාත් සහාය පුහුණුකරු ලෙස හර්ෂණ ප්‍රමෝද මහතාත් කටයුතු කරති.

 


පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය
සතික දිල්මිත් (නායකයා), තිනෙත් සාලින්ද (උප නායකයා), රමේෂ් ලක්ෂිත, බිහාන් ගමගේ, කුෂ්මික ආටිගල, තන්ස පෙරේරා , අදීශ ප්‍රනාන්දු , ජයන්ත මෙන්ඩිස්,  ශවින් මිනෝච්, අවිදු ආකර්ෂණ, ශාමාල් විභාශන, ගණිඳු සතේශ්,  විහඟ කේසර, රවිඳු යසිත්,   සත්තික සෙව්මින, අනුරාධ මතීෂ,  සනුක තලනිත්, විහඳු සින්තුළ, නෙතුක නිරංජිත්, බුද්ධිමාල් තනූෂ සහ මිහින් ප්‍රනාන්දු 

 

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය 
නායකයා ලෙස එස්. රණවීර කටයුතු කරයි.  කේ. සී. මිහිරාන්ගේ උප නායකයා වන අතර එස්. ඒ. ආර්. දිමන්ත , ඩී.එස්. දිසානායක, එස්.ටී. ලක්ෂාන් , ඕ. අමරසිංහ , කේ.ටී. කරුණාමුණි,  ආර්. වයි. කවිෂාන්,  ඩී.ජී. මදුභාෂණ, ඕ.  උඩවත්ත , කේ. එල් දිලංග, එම්.එෆ්. තත්සර, ජේ.එස් ඇතුලත්මුදලි , එල්.පී..චතුරංග , එම්.ඒ.බී. සත්සර  සහ ජී.ජී. පෙරේරා මෙවර හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ  ක්‍රීඩා කරති. 


අදහස් (0)

රයිගම් - සල්පිටි සටන 5-6 දිනවල මොරටුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.