Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ඡායාරූප සහ විස්තර - රත්නපුර විශේෂ අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය සහ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය අතර මේ මස 25, 26 දෙදින තුල රත්නපුර මහ නගරසභා සීවලී ක්‍රීඩාංගනයදී පැවති රන්මිණි සටන 2025 වාර්ෂික මහා ක්‍රිකට් තරඟය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.
14 වනවරට පැවති මෙවර මහා ක්‍රිකට් තරඟයදී කාසියේ වාසිය දිනාගත් ගන්කන්ද මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසුණි .
ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ කණ්ඩායම පළමු ඉනිමදී සියළුදෙනා දැවී ලකුණු 122ක් ලබාගත් අතර, සීවලී මධ්‍ය විද්‍යාලයේ කණ්ඩායමට සිය ප්‍රථම ඉනිමදී සියළුදෙනා දැවී ලබාගන්නට හැකිවූයේ ලකුණු 67ක් පමණි. දෙවන දිනයේදී තරඟය නතර කරනවිට ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ කණඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 08ක් දැවී ලකුණු 94ක් ලබා තිබිණි.
ඒ අනුව පළමු ඉනිමදී ලකුණු 122ක් ලබාගත් ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ කණ්ඩායම සීවලී මධ්‍ය විද්‍යාලයේ කණඩායමට වඩා ලකුණු 55ක් ඉදිරියෙන් සිටිමින් පළමු ඉනිම ජයග්‍රහණය හිමිකරගත්තේය.
මෙම පාසල් දෙක අතර වාර්ෂිකව පැවැත්වෙන ‘රන්මිණි සටන‘ මහා ක්‍රිකට් තරඟය වසර 2010 දි ආරම්භ විය. මෙතෙක් පැවති තරග 14 න් තරඟ 10ක් ජය පැරදුමෙන් තොර නිමාවට පත්ව ඇත.
පළමු ඉනිමදී ලකුණු 35ක් ලබා ගනිමින් පසුව ලකුණු 15කට කඩුලු 04 ක් දවාගත් ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ කණ්ඩායමේ කවිඳු නෙත්රුවන් දෙවන ඉනිමදී නොදැවී ලකුණු 29ක් ලබාගත්තේය. ඔහු තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් සම්මාන දිනාගත්තේය.
පළමු ඉනිමදී ලකුණු 33ක් ලබාගත් සීවලී මධ්‍ය විද්‍යාලයේ චතූප කවීන් දක්ෂතම පිතිකරුවා විය.
ලකුණු 22 කට කඩුලු 03 ක් දවාගත් ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ කණ්ඩායම් නායක නිමේෂ් සත්සර දක්ෂතම පන්දු යවන්නා බවට පත්විය.
මෙම තරඟයදී විචිත්‍ර උඩ පන්දු 03ක් රැකගනිමින් සීවලී මධ්‍ය විද්‍යාලීය කණ්ඩායමේ හරිත ජයසූරිය දක්ෂතම පන්දු රකින්නා බවට පත්විය.
ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති සුධිර ෆොන්සේකා මහතා සහ සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති නීල් ධම්මික වතුකාරවත්ත මහතා ඇතුළු මෙම විද්‍යාලවල නියෝජ්‍ය විදුහල්පතිවරු මෙන්ම ගුරුභවතුන්ද රන්මිණි සටන මහා ක්‍රිකට් තරග සමාප්තියදී ජයග්‍රාහී ක්‍රීඩකයන් වෙත කුසලාන හා පදක්කම් ප්‍රදානය කළහ.
ගන්කන්ද මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම- සියලු දෙනා දැවී 122 යි
(කවිඳු නෙත්රුවන් 35, සංඛ ලක්ෂාන් 30, අදීෂ් ආමන්ත 26, උත්සර රණතුංග 13/3, සනුජ දෙල්ගහගොඩ 17/2)
සීවලී මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම සියලු දෙනා දැවී 67 යි
(චතූප කවීන් 33, කවිඳු නෙත්රුවන් 15/4, නිමේෂ් සත්සර 22/3)
ගන්කන්ද මධ්‍ය විද්‍යාලය - දෙවන ඉනිම කඩුලු 8 ට 94 යි
(කවිඳු නෙත්රුවන් නොදැවි 29, දසුන් නිම්සර 27, චතූප කවීන් 02/2, ආයුක මූණමල්පේ 12/2)
01. රන්මිණි සටන දක්ෂතම ක්‍රීඩකයා ගන්කන්ද මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම කවිඳු නෙත්රුවන් කුසලානය දිනාගත් අවස්ථාව
02. ජයපැරදුමෙන් තොරව නිමාවූ රන්මිණි සටන ශූරතා කුසලානය සීවලී, ගන්කන්ද මධ්‍ය විද්‍යාල ද්විත්වයේ කණ්ඩායම් නායක දෙපළ වෙත ප්‍රදානය කළ අවස්ථාව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.