පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 18 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියෙන් පා දග පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත් ඉවත්වීම නිසා එම ස්ථානයට පිට දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස් රඳවා ගැනීමට තීරණය කර තිබේ.
රංගන හේරත්ගේ මෑණියන්ගේ අභාවය හේතුවෙන් එක්දින තරගාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඔහුට අනුමැතියදී තිබේ.
අජන්ත මෙන්ඩිස් මෙම සංචාරයේ විස්සයි20 තරග දෙකට පමණක් ඇතුළත්ව සිටි අතර මේ අනුව අජන්ත එක්දින තරගාවලියට සඳහා සංචිතයේ රදවා ගැනීමට තීරණය විය. 28 හැවිරිදි අජන්ත එක්දින තරග 65 කදී කඩුලූ 109 ක් දවාගෙන තිබේ.
රංගන ටෙස්ට් පිලේ නිත්‍ය පා දඟ පන්දු යවන්නා ද වන අතර මෙම සංචාරයේ ටෙස්ට් තරගාවලිය මේ මස 31 වැනිදා ආරම්භ වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.