Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රිච්මන්ඩ් විදුහල මුල් ඉනිම ජය ගනියි

රිච්මන්ඩ් විදුහල මුල් ඉනිම ජය ගනියි

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර ගාල්ලේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත රිච්මන්ඞ් විදුහල සමත් විය.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ ධනංජය ලක්ෂාන් ලකුණු 87 ක් රැස්කරමින් ලකුණු 5 කට කඩුලු 4 ක්ද දවාගත් අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ සඳුන් මෙන්ඩිස් ලකුණු 76 කට කඩුලු 6 ක් දවාගත්තේය.


රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම - ඕවර 66.4 කදී සියලු දෙනා දැවී 270
(ධනංජය ලක්ෂාන් 87, ආදිත්‍ය සිරිවර්ධන 38, සඳුන් මෙන්ඩිස් 33, කසුන් තාරක නොදැවී 27, ධම්මික සිල්වා 66/4, සංජීවන් ප්‍රියදර්ශන 36/2, කලන ඉලංකෝන් 46/2)

මලියදේව විදුහල පළමු ඉනිම - ඕවර 56.2 කදී සියලු දෙනා දැවී 144
(දමිත සිල්වා 41, සඳුන් මෙන්ඩිස් 73/6, තිලංග උදේෂාන් 14/3)

මලියදේව විදුහල දෙවැනි ඉනිම - ඕවර 7.1 කදී කඩුලු 4 ක් දැවී 21
(ධනංජය ලක්ෂාන් 5/4)


- 036

 


අදහස් (0)

රිච්මන්ඩ් විදුහල මුල් ඉනිම ජය ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.