අන්තර් පාසල් වයස 15 න් පහළ තරගාවලියේ, වැනි කොටසේ අර්ධ අවසාන තරගයකදී ශ‍්‍රී සුමංගල විද්‍යාලය පරදවා ලකුණු 134 කින් ජය ගැනීමට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. රිච්මන්ඞ් විද්‍යාලය අපරාජිතව අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය.
වමතින් පිත්ත හසුරුවන ධනංජය ලක්ෂාන් පන්දු 47 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 3 ක් සමගින් වේගවත් ලකුණු 72 ක් රැස්කර ගත් අතර හසරු චාමිකරද ලකුණු 70 ක් රැස්කර ගනිමින් රිච්මන්ඞ් විද්‍යාලය ඉහල ලකුණු මට්ටමකට ගෙන ඒමට සමත්විය.
ලකුණු 273 ක ඉලක්කයක් හඹාගිය සුමංගල විද්‍යාලයට සියලූ දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 138 ක් පමණි. තනිි සටනක නිරතවු හේෂාන් ධනුෂ්ක ලකුණු 58 කට දැවී ගියේය.
රිච්මන්ඞ් විදුහල ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 272
(ධනංජය ලක්ෂාන් 72, හසරු චාමිකර 70, අවිදු තීක්ෂණ 32, තිසර දිවාන් 23, කමිදු මෙන්ඩිස් 14, කවිදු එදිරිවීර 14, තිසල් නිම්නක 34/2, නිපුන දේශාන් 39/2)
සුමංගල විදුහල ඕවර 41.3 කදී සියලූ දෙනා දැවී 138
(හේෂාන් ධනුෂ්ක 58, සහන් සංසක 25, අවිදු තීක්ෂණ 6/1, තිසර දිවාන් 7/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.