Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් ලෝක කුසලාන ඕස්ට්‍රේලියාවට

යොවුන් ලෝක කුසලාන ඕස්ට්‍රේලියාවට

editorial - 2024 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේදී පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියානු  යොවුන් කණ්ඩායම සමත් විය. අවසන් මහ තරගයේදී ඉන්දීය යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 79 ක ජයක් වාර්තා කරමින් ඕස්ට්‍රේලියානු  යොවුන් ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 254 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය යොවුන් කණ්ඩායමට ඕවර 43.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 174 ක් පමණි. මාලි බියඞ්මන් ලකුණු 15 කට කඩුලු 3 ක්ද, රෆ් මැක්මිලන් ලකුණු 43 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ. 

ඉන්දීය යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ආදර්ෂ් සිං පන්දු 77 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 47 ක් රැස්කළ අතර මුරුගන් අභිෂේක් පන්දු 46 කින් ලකුණු 42 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 253 ක් රැස්කළ අතර හර්ජාස් සිං පන්දු 64 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 55 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

ඔලිවර් පීක් (නොදැවී 46) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හර්ජාස් සමත් වූ අතර පන්දු 43 කට මුහුණදුන් ඔලිවර් හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසුවේය. 

ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් ලකුණු නොළබා දැවී ගියද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට හැරී ඩික්සන් (42) සහ නායක හග් වෙයිබ්ජන් (48) සමත් වූහ. ඩික්සන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින්ද, වෙයිබ්ජන්ගේ ඉනිම හතරේ පහර 5 කින්ද සමත් විය. 


ඕස්ට්‍රේලියානු  යොවුන් ඉනිම - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 253 
(හැරී ඩික්සන් 42, හග් වෙයිබ්ජන් 48, හර්ජාස් සිං 55, රයන් හික්ස් 20, ඔලිවර් පීක් නොදැවී 46, රාජ් ලිම්බානි 38/3, නාමන් තිවාරි 63/2) 

ඉන්දීය යොවුන් ඉනිම - ඕවර 43.5 ක් අවසානයේ සියලු දෙනා දැවී 174
(ආදර්ෂ් සිං 47, මුෂීර් ඛාන් 22, මුරුගන් අභිෂේක් 42, මාලි බියඞ්මන් 15/3, රෆ් මැක්මිලන් 43/3, කැලම් විල්ඩර් 35/2) 

-036 


අදහස් (0)

යොවුන් ලෝක කුසලාන ඕස්ට්‍රේලියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.