Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් පිලට නායකයෝ දෙදෙනෙක්

යොවුන් පිලට නායකයෝ දෙදෙනෙක්

editorial - 2019 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

මේ මස 26 වැනිදා සිට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන යොවුන් එක්දින තරගාවලිය සඳහා නායකයන් දෙදෙනකු පත්කර තිබේ. තරගාවලියේ පළමු තරග තුන සඳහා නායකත්වය දැරීමට නිපුන් ධනංජය තෝරාගනු ලැබ සිටී.

සිව්වැනි සහ අවසන් එක්දින තරග දෙකේදී එතෙක් උපනායකයා වශයෙන් කටයුතු කළ කමිල් මිෂාරට නායකත්වය පවරා නායක නිපුන් ධනංජයත් කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

මෙම තරගාවලිය 26 වැනිදා සිට ජූනි මස 5 වැනිදා දක්වා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පාකිස්තානු යොවුන් පිල ඊයේ (23 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණියේය.


පළමු තරග තුන සඳහා වන සංචිතය
නිපුන් ධනංජය (නායක), කමිල් මිෂාර (උප නායක), නවෝද් පරණවිතාන, මොහොමඞ් ෂමාස්, සොනාල් දිනූෂ, අවිශ්ක තරිඳු, චමිඳු විජේසිංහ, දිලුම් තිලකරත්න, රොහාන් සංජය, අෂේන් ඩැනියෙල්, ඩිල්ෂාන් මධුශංක, පවන් රත්නායක, රවිඳු රෂාන්ත, නවීන් ප්‍රනාන්දු, රවීන් ද සිල්වා සහ සඳුන් මෙන්ඩිස්

 

සිව්වැනි සහ අවසන් තරග සඳහා වන සංචිතය
කමිල් මිෂාර (නායක), නිපුන් ධනංජය, අභිලේෂ් කහදූවආරච්චි, කවිඳු වික්‍රමසිංහ, අවිශ්ක තරිඳු, දුනිත් වෙල්ලාගේ, කවිඳු නදීෂාන්, චමිඳු විජේසිංහ, රොහාන් සංජය, පවන් රත්නායක, රවිඳු රෂාන්ත, නවීන් ප්‍රනාන්දු, රවීන් ද සිල්වා, සඳුන් මෙන්ඩිස් සහ ඩිල්ෂාන් මධුශංක

..


අදහස් (0)

යොවුන් පිලට නායකයෝ දෙදෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.