Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් කාන්තා තරගාවලියට මැලිබන් අනුග්‍රහය

යොවුන් කාන්තා තරගාවලියට මැලිබන් අනුග්‍රහය

editorial - 2025 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 6 කින් යුත් සීමිත ඕවර තරගාවලියට අනුග්‍රහය දැක්වීම සඳහා මැලිබන් බිස්කට් සමාගම ඉදිරිපත් වී තිබේ. එලෙසින්ම ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමේ අනුග්‍රාහකත්වයද මැලිබන් බිස්කට් සමාගම විසින් දිනාගනු ලැබ ඇත. 

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන යොවුන් කාන්තා තරගාවලිය “2025 මැලිබන් යොවුන් කාන්තා තරගාවලිය” ලෙසින් හැඳින්වේ. මෙම තරගාවලියට විස්සයි-20 තරග 5 ක් සහ එක්දින තරගයක් ඇතුළත් වේ. තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

“අපගේ අනුග්‍රාහක  සමාගම් අතරට මැලිබන් බිස්කට් සමාගමත් එකතුකර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් අපි මහත් සන්තෝෂයට පත්වෙනවා. මොකද මේ තරගාවලියේදී අපේ ක්‍රීඩිකාවන් ඉතාමත් වටිනා අත්දැකීම් සම්භාරයක් ලබාගන්නවා වගේම මෙම තරගාවලිය සජීවී ලෙසින් විකාශය කෙරෙන නිසා මැලිබන් සමාගමට වගේම එයාලගේ නිෂ්පාදන වලටත් හොඳ ප්‍රසිද්ධියක් ලැබෙනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අළෙවි අංශ ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර මහතා පැවසීය. 

වත්මන් පරම්පරාව නොව, ඊළඟ පරම්පරාව දිරිමත් කිරීම මත සාර්ථකත්වය රඳා පවතිනවා කියන එක මැලිබන් සමාගමේ සියලු දෙනාගේම විශ්වාසය බව අනුග්‍රාහකත්වය ප්‍රකාශයට පත්කිරීමේදී මැලිබන් බිස්කට් නිශ්පාදන සමාගමේ සමූහ සන්නිවේදන ප්‍රධානී  පෝෂිත පෙරේරා මහතා පවසා සිටියේය. 

“ශ්‍රී ලංකා 19 න් පහළ කාන්තා කණ්ඩායමේ අනුග්‍රාහකත්වය බාර ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ක්‍රීඩා තරගාවලියක අනුග්‍රාහකයන් වීම විතරක් නෙමෙයි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමෙ අනාගතය ශක්තිමත් කිරීමත් අප මේ තුළින් බලාපොරොත්තු වෙනවා” යයි ද පෝෂිත පෙරේරා මහතා පැවසීය. 

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයට පිවිසෙන ඕනෑම අයකුට තරගවලියේ සියලුම තරග නොමිළයේ නැරඹිය හැකිය.


අදහස් (0)

යොවුන් කාන්තා තරගාවලියට මැලිබන් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.