Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යුසූෆ් ඉන්දීය ලෙජන්ඩ්ස් පිල දිනවයි

යුසූෆ් ඉන්දීය ලෙජන්ඩ්ස් පිල දිනවයි

editorial - 2022 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොහොමඩ් කයිෆ්ගේ (නොදැවී 42) සහ යුසූෆ් පතාන්ගේ (80) ශතක සම්බන්ධතාව (117) හේතුවෙන් ඕමාන්හි පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (20 වැනිදා) පැවැති පළමු තරගයේදී ඒෂියා ලයන්ස් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය මහාරාජාස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියා මහාරාජාස් පිල ඕවර 19.1 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ යුසූෆ් පතාන් පන්දු 40 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 80 ක් ලබාගනිමින් ඉන්දීය මහාරාජාස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් මොහොමඩ් කයිෆ් පන්දු 37 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 42 ක් ලබාගත්තේය.

මොහොමඩ් කයිෆ් සහ යුසූෆ් පතාන් එක්ව 4 වැනි කඩුල්ල සඳහා පන්දු 64 කදී ලකුණු 117 ක අනගි සම්බන්ධතාවක් ගොඩනැගූහ.

නාමන් ඕජා පන්දු 19 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 20 ක් සහ ඉර්ෆාන් පතාන් පන්දු 10 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 21 ක් ලබාගැනීමට සමත්වූහ.

ඒෂියා ලයන්ස් පිල වෙනුවෙන් ශොයිබ් අක්තාර් සහ උමාර් ගුල් කඩුල්ල බැගින් බිඳ දැමූහ.

කාසියේ වාසිය දිනූ ඉන්දීය මහාරාජාස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා ඒෂියා ලයන්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 175 ක් රැස් කිරීමට ඔවුන් සමත්වූහ.

උපුල් තරංග පන්දු 46 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 66 ක් ලබාගත් අතර නායක මිස්බා උල් හක් පන්දු 30 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 44 ක් ලබාගත්තේය. කම්රන් අක්මාල් පන්දු 17 කදී හයේ පහරත් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 25 ක් ලබාගත්තේය.

මන්ප්‍රීට් ගෝනී කඩුලු 3 ක් සහ ඉර්ෆාන් පතාන් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

යුසූෆ් පතාන් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.

ඒෂියා ලයන්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 175

(කම්රන් අක්මාල් 25, උපුල් තරංග 66, මිස්බා උල් හක් 44, මන්ප්‍රීට් ගෝනී 45/3, ඉර්ෆාන් පතාන් 22/2)

ඉන්දීය මහාරාජාස් - ඕවර 19.1 කදී කඩුලු 4 ක් දැවී 179

(නාමන් ඕජා 20, මොහොමඩ් කයිෆ් නොදැවී 42, යුසූෆ් පතාන් 80, ඉර්ෆාන් පතාන් නොදැවී 21)


අදහස් (0)

යුසූෆ් ඉන්දීය ලෙජන්ඩ්ස් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.