Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යුවරාජ් සිං එක්දින සංචිතයෙන් ඉවතට

යුවරාජ් සිං එක්දින සංචිතයෙන් ඉවතට

Nisanka Sandeepani - 2017 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව 20 වැනිදා දඹුල්ලේදී ආරම්භවන එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගය සදහා නම් කරන ලද ඉන්දිය සංචිතයෙන් යුවරාජ් සිං, මොහොමඞ් ශාමී, රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජදේජා සහ උමේෂ් යාදව් ඉවත්කර ඇති අතර මනිෂ් පාන්ඬේ, ශර්දුල් ඨාකූර්, යුස්වේන්ද්‍ර චහල්, ඇක්සා පතෙල් සහ ලෝකේෂ් රාහුල් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට නම්කර ඇත.

අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලිය සදහා සහභාගීවූ ඉන්දීය සංචිතයේ වෙනස්කම් හතක් සිදුකර ඇති අතර 35 වියැති යුවරාජ් සිං සංචිතයෙන් ඉවත් කිරීමට ඉන්දීය තේරීම් කමිටුව තීරණය කර ඇත. අවසන් වරට සහභාගීවූ තරග 7 කදී යුවරාජ් සිංට එක් අර්ධ ශතකයක් සමගින් රැස්කිරිමට හැකිවූයේ ලකුණු 162 ක් පමණි.

අයි.පී.එල්. තරගාවලියේදී පාදයේ ඇතිවූ අබාධයක් හේතුවෙන් ජාතික කණ්ඩායමෙන් ඉවත්විමට සිදුවු මනිෂ් පාන්ඬේ, මේ මස මුලදී දකුණු අප්‍රිකාවේදී පැවැති ‘ඒ’ කණ්ඩායම් අතර තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් නැවතත් ඉන්දීය ජාතික කණ්ඩායමට එක්විමට අවස්ථාව උදාවිය. ඉන්දිය ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය දැරූ මනිෂ් පාන්ඬේ ඉනිම 5 කදී ලකුණු 307 ක් රැස්කරමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වූ ඔහු අවසන් වරට එක්දින තරගයක් සදහා එක්වූයේ 2016 ඔක්තෝබර් මාසයේදී නවසිලන්තයට එරෙහිවය.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී විවේක ගන්වා සිටි ජස්ප්‍රීත් බුම්රා සහ රෝහිත ශර්මා කණ්ඩායමට නැවත කැඳවා ඇති අතර උපනායකත්වයේ වගකිම ශර්මා වෙත පවරා ඇත.

2017 පෙබරවාරී මාසයේදී අවසන් වරට ඉන්දීය ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග සදහා ක්‍රීඩා කළ ලෝකේෂ් රාහුල් නැවතත් කණ්ඩායමට කැඳවා ඇති අතර රිෂාබ් පාන්ට් සහ දිනේෂ් කාර්තික් කණ්ඩායමෙන් ඉවත්කර ඇත. ‘ඒ’ කණ්ඩායම් අතර පැවැති තුන්කොන් තරගාවලියේදී වැඩිම කඩුලු ලාභියාවූ ශර්දුල් ඨාකූර් ජාතික කණ්ඩායම සදහා කැඳවා ඇත.

ඉන්දීය එක්දින සහ විස්සයි20 සංචිතය:

විරාට් කෝලී (නායක), රෝහිත් ශර්මා (උපනායක), ශීකර් ධාවන්, ලෝකේෂ් රාහුල්, මනිෂ් පාන්ඬේ, අජින්ක්‍ය රහනේ, මහේනද්‍රසිං දෝනී, කේදර් ජාදව්, හර්දික් පාන්ඩ්‍යා, ඇක්සා පතෙල්, යුස්වේනද්‍ර චහල්, ශර්දුල් ඨාකූර්, බුවනේෂ්වර් කුමාර්, කුල්දිප් යාදව්, ජස්ප්‍රීත් බුම්රා.


අදහස් (0)

යුවරාජ් සිං එක්දින සංචිතයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.