වෙළද සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ජෝන් කීල්ස් පිල පරදවා කඩුලූ 3 කින් ජයගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම අද (27 වැනිදා) සමත්විය. මෙම තරගය මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
යුනිචෙලා කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට ජෝන් කීල්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර ජෝන් කීල්ස් පිල වෙනුවෙන් භානුක රාජපක්ෂ (75) අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්විය.
ලකුණු 274 ක ඉලක්කයක් හඹා ගිය සම්පත් බැංකු කණ්ඩායම ඕවර 47.4 කදී කඩුලූ 7 ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. මහේල උඩවත්ත පන්දු 122 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 106 ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වු අතර චාමර සිල්වා ලකුණු 63 ක්ද සහ ෆර්වීස් මහරූෆ් ලකුණු 46 ක් ලබා ගනිමින් තම කණ්ඩායමේ ජයග‍්‍රහණයට දායක වූහ.
ජෝන් කීල්ස් ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 273
(භානුක රාජපක්ෂ 75, රොෂේන් සිල්වා 41, මිලින්ද සිරිවර්ධන 38, කනිෂ්ක ඇල්විටිගල 31, සොහාන් බොරලැස්ස 40/3, තිලකරත්න ඩිල්ශාන් 36/2, මාලිංග බංඩාර 57/2)
මාස් යුනිචෙලා ඕවර 47.4 කදී කඩුලූ 7 ක් දැවී 279
(මහේල උඩවත්ත නොදැවී 106, චාමර සිල්වා 63, ෆර්වීස් මහරූෆ් 46, උපුල් ඉන්ද්‍රසිරි 36/4, ජනක ගුණරත්න 47/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.