Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි බුල්ස් කණ්ඩායම සහ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර ඊයේ (15 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට දිල්ලි බුල්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 103 ක ඉලක්කයක් හඹා ගිය දිල්ලි බුල්ස් කණ්ඩායම පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක ඔයින් මෝගන් (නොදැවී 52) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 22) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 75 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
පන්දු 27 කට මුහුණදුන් මෝගන් හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 13 කදී වාර්තා වූ මැතිව්ස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය. ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ කුසල් පෙරේරාට පන්දු 9 කදී ලබාගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි.
සෙසු පන්දු යවන්නන් සියලු දෙනාම දැඩි ප්‍රහාරයකට ලක්වෙද්දී, දිල්ලි කණ්ඩායමේ බිඳවැටුණ කඩුලු 3 ටම හිමිකම් කී සාහිර් ඛාන් සිය ඕවර 2 ලකුණු 17 කට සීමා කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඕවර 10 තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 102 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු ෂේන් වොට්සන් පන්දු 31 කදී ලකුණු 57 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.
ඇන්ටන් ඩෙව්රිච් (නොදැවී 28) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වොට්සන් සමත් වූ අතර පන්දු 22 කදී වාර්තා වූ ඩෙව්රිච්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත විය. ඩෙකෑන් ඉනිමේ බිඳවැටුණ එකම කඩුල්ල බවට පත් වූ මොහොමඞ් ශේෂාඞ් දැවී ගියේ දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ කුසල් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමිනි.
ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල - ඕවර 10 කදී කඩුල්ලක් දැවී 102
(ෂේන් වොට්සන් නොදැවී 57, ඇන්ටන් ඩෙව්රිච් නොදැවී 28)
දිල්ලි බුල්ස් පිල - ඕවර 9.3 කදී කඩුලු 3 ක් දැවී 103
(ඔයින් මෝගන් නොදැවී 52, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 22, සාහිර් ඛාන් 17/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.