Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී එස්.ද.එස් ජයසිංහ විදුහල් පිලට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට මාතලේ ශා. තෝමස් විදුහල් පිල ඊයේ (05 වැනිදා) සමත්විය. මෙම තරගය එස්.ද.එස් ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මාතලේ ශා. තෝමස් විදුහල් පිලේ මොහොමඞ් ඉස්මයිල් ඉනිම දෙකෙහිදී ලකුණු 57 කට කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්විය.
එස්.ද.එස් ජයසිංහ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 42.2 කදී සියලුදෙනා දැවී ලකුණු 168
(තිලංක දිල්හාර 73, කුමාර පිරීස් 47, මොහොමඞ් ඉස්මයිල් 38/4, ශශික බණ්ඩාර 30/3)
ශා. තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 40.2 කදී සියලුදෙනා දැවී ලකුණු 162
(ශෙහාන් අවන්ද්‍ය 60, මොහොමඞ් ඉස්මයිල් 24, කවින්දන පෙරේරා 36/5, ආකාෂ් තරංග 33/3)
එස්.ද.එස් ජයසිංහ විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 22.2 කදී සියලුදෙනා දැවී ලකුණු 115
(තිලංක දිල්හාර 33, ශිහාන් සංතුශ් 24, මොහොමඞ් ඉස්මයිල් 19/5, ගීමන්ත සේනානායක 17/2)
ශා. තෝමස් විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 35.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 124
(සජිත් ද සිල්වා 31, ශෙහාන් අවන්ද්‍ය 17, මධුක නිරෝෂන් 34/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.