Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මොරටු විදුහලට පළමු ඉනිමේ ජයක්

මොරටු විදුහලට පළමු ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2013 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටු විද්‍යාලය සහ වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයක් ජය පරාජයෙන් තොරව ඊයේ (09 වැනිදා)  අවසන්විය. තරගය වෙන්නප්පුව ඇල්බට් පීරීස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මුලින්ම පන්දුවට පහරදුන් මොරටු විද්‍යාල පිතිකරුවන් ලකුණු 282 කට සියලූ දෙනාම දැවී ගියේය. හර්ෂ දේවින්දගේ ශතකය අහිමි කරමින් ලකුණු 99 කට දවා ගන්නට ශවිදු දිමන්ත සමත්විය. එම්. ප‍්‍රනාන්දු අර්ධ ශතකයක් ලබා ගනිමින් පිතිකරණයෙන් දායකවිය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ජෝශප් වාස් විද්‍යාලය ලකුණු 189 කට දවා ගනිමින් පළමු ඉනිමේ ජයක් ලැබීමට මොරටු විද්‍යාලය සමත්විය. ශෙහාන් ප‍්‍රනාන්දු අර්ධ ශතකයක් ලබාගත්තේය.

ඊයේ දිනය නිමාවනවිට මොරටු විද්‍යාලය දෙවනි ඉනිමට කඩුලූ 8 ක් දැවී ලකුණු 94 ක් රැස්කරගෙන සිටියේය.

මොරටු විදුහල පළමු ඉනිම  ඕවර 84.3 කදී සියලූ දෙනා දැවී 282

(හර්ෂ දේවින්ද 99, එම්. ප‍්‍රනාන්දු 58, සී. ප‍්‍රනාන්දු 39, කේ. ප‍්‍රභාත් 27, මුෂාන්  ඕබ්‍්‍රස් 32/3, ශවිදු දිමන්ත 52/3)

ජෝශප් වාස් විදුහල පළමු ඉනිම  ඕවර 70.3 කදී සියලූ දෙනා දැවී 189

(ශෙහාන් ප‍්‍රනාන්දු 58, සෙව්වින්ද සිල්වා 33, මදුශංක කුමාර 31, එන්. පීරීස් 30/3, හර්ෂ දේවින්ද 48/2, ආර්. පෙරේරා 36/2)

මොරටු විදුහල දෙවන ඉනිම  ඕවර 84.3 කදී කඩුලූ 8 ක් දැවී 94

(හර්ෂ දේවින්ද 29, සී. ප‍්‍රනාන්දු 18, ආර්. පෙරේරා 17, ශවිදු දිමන්ත 32/4, මුෂාන්  ඕබ්‍්‍රස් 26/3)

 


අදහස් (0)

මොරටු විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.