Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මොරටු රන් හටනේ තීරණය පිතිකරුවන් අත

මොරටු රන් හටනේ තීරණය පිතිකරුවන් අත

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

දුලිප් මෙන්ඩිස්, රොමේෂ් කළුවිතාරණ, වැනි කි‍්‍රකට් ලෝකයේ නොමැකෙන නමක් රැන්දූ පිතිකරුවන් බිහිකළ මොරටු පුරවරයේ මහ කි‍්‍රකට් තරගය, හෙවත් මොරටු මහ රන් හටන, හෙට සහ අනිද්දා (7 සහ 8) මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මොරටුවේ පිහිටි ප‍්‍රධානතම පාසල් දෙකක් වන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයත්, වේල්ස් කුමාර විදුහලත් අතර වාර්ෂික ක‍්‍රිකට් සැණකෙළිය මෙවර පැවැත්වෙන්නේ 64 වැනි වතාවටය.

පිතිකරුවන්ගෙන් ගහණ කණ්ඩායම් දෙකක් තරගවදින බැවින් මෙවර තරඟයේදී පන්දු යවන්නන් හමුවේ ඇත්තේ අසීරු අභියෝගයකි.
පාසල් කි‍්‍රකට් වාරයේ කවුරුන් දස්කම් දැක්වුවද මහා ක‍්‍රිකට් තරගයේදී ඉදිරියට එන්නේ නොසිතූ විරූ කී‍්‍රඩකයන් වීම, මොරටු රන් හටනේ සුවිශේෂි ලක්‍ෂණයක් බැවින් මෙවර තරඟයේදී කවුරුන් පෙරළි කරනු ඇත්දැයි අනුමාන කිරීමත් අසීරුය.

මෙවර පාසල් කි‍්‍රකට් වාරයේදී තරඟ 17කට සහභාගී වූ ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම තර්ස්ටන් සහ කඳාන ද මැසනඞ් විදුහල් පරාජය කරමින් පූර්ණ ජයගග‍්‍රහණ වාර්තා කළේය.

තරඟවාරය පුරාම පිත්තෙන් දස්කම් දැක්වූ සෙබස්තියානුවෝ ශතක හයක් සහ අර්ධ ශතක 17ක් රැුස්කළහ. මේ වන විට ලකුණු 900 සීමාව ආසන්නයටම පැමිණ සිටින ආරම්භක පිතිකරු සංගීත් කුරේ ශතක 3ක් ලබාගත් අතර අවිශ්ක ප‍්‍රනාන්දු, කුසල් ලක්තිළිණ සහ මුදිත ප‍්‍රනාන්දු කණ්ඩායමේ සිටින සෙසු ශතක ලාභීහූ වෙති. අර්ධශතක 6ක් ලබා සිටින කුසල් ලක්තිළිණ පිත්තෙන් හොඳ දස්කම් දක්වා තිබෙන නමුත් ඉතාමත් දක්‍ෂ යොවුන් පිතිකරුවකු වන අවිශ්ක ප‍්‍රනාන්දු තරග 15 කදී ලබාගත් ලකුණු 609 ඔහුගේ හැකියාවේ තරමට ප‍්‍රමාණවත් නොවේ. එසේ වුවත් මහ ක‍්‍රිකට් තරගයේදී අවිශ්ක දස්කම් අතරට එනු ඇතැයි සෙබස්තියානුවන්ගේ අපේක්‍ෂාවයි.

පිතිහරඹයට පමණක් නොව, පන්දු යැවීමේදීද ශාන්ත සෙබස්තියන් පිල සමබර කණ්ඩායමකි.

ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ වමත් වේග පන්දු යවන්නා වන අනුක් ප‍්‍රනාන්දු කණ්ඩායමේ නායකයාය. අනුක් සහ දකුණතින් වේග පන්දු යවන ෂාන් ප‍්‍රනාන්දු දෙදෙනා නව පන්දුවෙන් පන්දු යැවීම අරඹති.

කුසල් ලක්තිළිණ තුන්වැනි පන්දු යවන්නා, ලෙස සුදානමින් සිටියද, අනුක් ශ්‍රී ලංකා 19න් පහළ පිල වෙනුවෙන් ක‍්‍රීඩා කළ දිනවල නව පන්දුව භාවිතා කළ ක‍්‍රීඩකයාය.

වමතින් පා දඟ පන්දු යවන ළහිරු හේෂාන්, පාසල් ක‍්‍රිකට් වාරයේදී කඩුලූ 50 ඉක්මවා දවාගෙන ඇත. දඟ පන්දු යැවීමේ බල ඇණියට විවිධත්වය සපයමින් දකුණතින් පා දඟ පන්දු යවන ඉසුරු මෙන්ඩිස් (41) සහ පිට දඟ පන්දු යවන්නා වන සංගීත් කුරේ (32) එක්ව දවාගන්නා ලද කඩුලූ සංඛ්‍යාව 70 ඉක්මවයි.

ශාන්ත සෙබස්තියන් පිලේ කඩුලූ රකින්නා වශයෙන් සචින්ත ෆොන්සේකා කටයුතු කරයි.

අශේන් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතුව පිටියට පිවිසෙන වේල්ස් කුමාර කණ්ඩායමද ප‍්‍රබල පිතිකරුවන් පස් හය දෙනකුගෙන් සමන්විතය. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් මෙන්ම මෙවර කි‍්‍රකට් වාරයේදී පළමුවෙන්ම ලකුණු 1000 සීමාව පසුකළ ශානුක දුලාජ්ද වේල්ස් කුමාර පිලේ ප‍්‍රබලම පිතිකරුවෝ වෙති. නායක අශේන් මෙන්ඩිස්ද මෙවර පාසල් තරඟවාරයේදී ලකුණු 800 පසුකළ පිතිකරුවෙකි.

ගෙවී යමින් පවතින පාසල් කි‍්‍රකට් වාරයේදී තරඟ 17කට සහභාගී වූ වේල්ස් කුමාර කණ්ඩායම විසින් මහානාම, මොරටු මහ විදුහල, ශාන්ත සිල්වෙස්ටර්, ගාල්ල මහින්ද සහ ඉසිපතන යන විදුහල් පරාජය කරන ලදී.

ශානුක දුලාජ් ශතක 4ක් සමඟින් මේ වන විට ලකුණු 1380ක් ලබාසිටින අතර ඔහුගේ හොඳම ඉනිම ශාන්ත පීතර විදුහලට එරෙහිව ලබාගත් ලකුණු 178යි. පන්නිපිටිය ධර්මපාල විදුහලට එරෙහිව ලකුණු 178ක් ලබාගත් කුසල් මෙන්ඩිස්, ශ්‍රී ලංකා 19න් පහළ පිලට එක්ව සිටීම නිසා සහභාගී වුයේ පාසල් තරග 5කට පමණක් වුවද එම තරඟ 5 දී ලකුණු 450 ඉක්මවා රැස්කර තිබේ.

පන්දු යැවීමේදී වේල්ස් කුමරුවෝ වඩාත් ඉදිරියෙන් සිටිති. වේල්ස් කුමරුවන් ලබාගත් ජයග‍්‍රහණ 5ට පදනම දැමුවෝ පිතිකරුවෝය. එහි සිට ජයග‍්‍රහණ නිර්මාණය කළ වමතින් පාදඟ පන්දු යවන තිලාන් නිමේෂ් (71) සහ පිටදඟ පන්දු යවන ජයාංග පීරිස් (85) එක්ව දවාගන්නා ලද කඩුලූ සංඛ්‍යාව 150 ඉක්මවයි. වමතින් පා දඟ පන්දු යවන ශානුක දුලාජ්ද කඩුලූ 45ක් දවාගෙන තිබේ.

සචිත් පේ‍්‍රමකුමාර කණ්ඩායමේ කඩුලූ රකින්නා ලෙස කටයුතු කරයි.

මෙතෙක් පැවැති මහ කි‍්‍රකට් තරඟ 63න් තරඟ 6ක් ජයගැනීමට වේල්ස් කුමර විදුහල සමත්ව තිබෙන අතර සෙබස්තියානුවෝ තරඟ 3ක් ජයගෙන සිටිති.

පෙම්ලාල් ප‍්‍රනාන්දුගේ නායකත්වය යටතේ වසර 37 කට පෙර 1977 දී වේල්්ස් කුමරුවෝ සිය අවසන් මහ තරඟය ජය ලැබූහ. සභිත ද මැල්ගේ නායකත්වයෙන් වසර 2011 දී තරඟ කළ ශා.සෙබස්තියන් විදුහල් කණ්ඩායම අවසන් වරට මහ ක‍්‍රිකට් තරඟයකින් ජයගත්තෝය.

පාසල් ක‍්‍රිකට් කණ්ඩායම් අතරේ ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන ශා. සෙබස්තියන් කණ්ඩායමට, විදුහල්පති බොනී ප‍්‍රනාන්දුපුල්ලේ පියනමගෙන් ලැබෙනුයේ අමිල සහයෝගයකි. කණ්ඩායම භාර ආචාර්යවරයා වශයෙන් ෆ‍්‍රෑන්ක් කුරේ මහතා දශක දෙකකට ආසන්න කාලයක් කටයුතු කරයි. ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් නලීන් විජේසිංහ මහතා සහාය පුහුණුකරුවා වශයෙන් සමිත් ප‍්‍රනාන්දු මහතාත් කටයුතු කරති.

වේල්ස් කුමාර විදුහලද, කි‍්‍රකට් ක‍්‍රීඩාව සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් ඇති පාසලකි. විදුහල්පති ඩබ්ලිව්.ජේ. සිරිවර්ධන මහතාගේ සහයෝගය උපරිම වශයෙන් ලැබෙන විද්‍යාලයීය කණ්ඩායම භාර ආචාර්වරයා වශයෙන් අකිල බණ්ඩාර මහතා කටයුතු කරයි. සුරංග විජේනායක මහතා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන්ද නාලින්ද දිසානායක මහතා සහාය පුහුණුකරු වශයෙන්ද කටයුතු කරති.

ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම

අනුක් ප‍්‍රනාන්දු (නායක), ලූක් ජයදේව, සංගීත් කුරේ, සචින්ත ෆොන්සේකා, අවිශ්ක ප‍්‍රනාන්දු, ඉසුරු මෙන්ඩිස්, කුසල් ලක්තිළිණ, ප‍්‍රමේෂ් ප‍්‍රනාන්දු, විසල් සේනානායක, ෂාන් ප‍්‍රනාන්දු, මුදිත ප‍්‍රනාන්දු, ළහිරු හේෂාන්, ගයාන් සිල්වා, උමේෂ්ක මොරායස්, විරාජ් පෙරේරා, සචීන් ප‍්‍රනාන්දු සහ සමිත් සිල්වා

වේල්ස් කුමාර විදුහල් කණ්ඩායම


අශේන් මෙන්ඩිස් (නායක), කුසල් මෙන්ඩිස්, ශානුක දුලාජ්, ගයාන් චාමර, සුචින්‍ද්‍ර ප‍්‍රනාන්දු, කි‍්‍රෂේන් අපෝන්සු, හසිත ලංකා, විහඟ වීරක්කොඩි, ෂෙනාල් චේතන, ජයංග පීරිස්, තිලාන් නිමේෂ් සහ සචිත් පේ‍්‍රමකුමාර


අදහස් (1)

මොරටු රන් හටනේ තීරණය පිතිකරුවන් අත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.