Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මේරියන්ස් ක්‍රීඩකයෝ ලකුණු 18 කින් ජය ලබති

මේරියන්ස් ක්‍රීඩකයෝ ලකුණු 18 කින් ජය ලබති

editorial - 2025 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (27 වැනිදා) කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 18 ක ජයක් වාර්තා කිරීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 217 ක ඉලක්කයක් හඹාගිය බදුරලිය ක්‍රීඩකයන්ට ඕවර 47.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 198 ක් පමණි. දක්ෂ පිතිහරඹයක නිරත වූ දිල්ෂාන් ද සොයිසා පන්දු 100 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 68 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
 
දක්ෂ පන්දු යැවීමක නිතර වූ තනුක දාබරේ ඕවර 10 ක් යවමින් ලකුණු 43 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූ අතර බදුරලිය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඉරුෂ්ක තිමිර, සම්මු අෂාන් සහ නිම්සර අතරගල්ල කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් මේරියන්ස් කණ්ඩායම ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 216 ක් ලබාගත් අතර මේරියන්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සකුණ ලියනගේ සහ රවිඳු රත්නායක ලකුණු 36 බැගින් රැස්කළහ. පන්දු 63 කදී වාර්තා වූ සකුණගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් වූ අතර පන්දු 15 කදී වාර්තා වූ රවිඳුගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහරකින් සමන්විත විය. 


මේරියන්ස් පිල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 216 
(තරිඳු අමරසිංහ 31, සම්මු අෂාන් 35, කසුන් විදුර 26, සකුණ ලියනගේ 36, හර්ෂ කුරේ නොදැවී 32, රවිඳු රත්නායක 36, සෙනාල් ද සිල්වා 34/2, කේෂර නුවන්ත 38/2, රුචිර කොෂිත 38/2, චානක කොමසාරු 45/2) 

බදුරලිය පිල - ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 198 
(අලංකාර අසංක 31, දිල්ෂාන් ද සොයිසා 68, යෙනුල දෙව්තුස 31, කේෂර නුවන්ත 15, තනුක දාබරේ 43/3, ඉරුෂ්ක තිමිර 23/2, සම්මු අෂාන් 37/2, නිම්සර අතරගල්ල 40/2) 


අදහස් (0)

මේරියන්ස් ක්‍රීඩකයෝ ලකුණු 18 කින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.