Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මේ වඩාත්ම කණගාටුදායක තරගාවලියයි - චන්දිමාල්

මේ වඩාත්ම කණගාටුදායක තරගාවලියයි - චන්දිමාල්

Nisanka Sandeepani - 2017 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර හයක් පුරා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන තමන්ගේ වඩාත්ම කණගාටුදායක තරගාවලිය මෙය බව නායක දිනේෂ් චන්දිමාල් කියයි. ඉන්දියාව හමුවේ පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 කින් පරාජය වීමෙන් අනතුරුව චන්දිමාල් එසේ කියා සිටියේය. 

ඉන්දියානුවන් පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 487 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 135 ක්  සහ 181 ක් පමණි. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ලද දෙවැනි ‘සම්පූර්ණ සුද්දය’ද වූයේය. වඩාත්ම බරපතළ කාරණාව වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය අති විශාල වීමයි. 

කොළඹදී පැවැති තරගාවලිය ඉනිමකින් සහ ලකුණු 53 කින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලෙකැළේ තරගය දින තුනක් ඇතුළතදී ඉනිමකින් සහ ලකුණු 171 කින් පරාජය විය. 

“මේ මගේ අසීරුම තරගාවලියයි. විශාලම හේතුව අපි තරගය පස්වැනි දිනයට ගෙන යන්න අපොහොසත් වුණා. දින හතරේ තරග වගේම දින තුනේ තරගත් තිබිලා තියෙනවා. ඒත් මේ මගේ ටෙස්ට් දිවියේ වඩාත් කණගාටුදායක මොහොතයි” 

“ඒක මට වගේම කණ්ඩායමටත් ඉතාමත් අසිරු අවස්ථාවක්. ඒ කෝක වුණත් ඉන්දීය කණ්ඩායමට සියලු ගෞරව හිමිවිය යුතුයි. ඔවුන් ඉතාමත් හෙඳ ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වුණා” යයි පල්ලෙකැළේ ටෙස්ට් තරගය අවසානයේදී චන්දිමාල් පැවසීය. 

කිසිම පැකිළීමකින් තොරව පරාජයේ වගකීම බාරගත් ශ්‍රී ලංකා නායකයා “ඉදිරියේදී අඩුපාඩුකම් මඟහරවාගෙන වඩාත් හොඳින් තරග කරන බව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ට කියන්න” යි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය. 

“අද අපි පරාජය වුණත් ඔවුන් අපට අත්පොළසන් දුන්නා. මේ ක්‍රීඩා ලෝලීන් අපට හැමදාමත් සහයෝගය දුන්නා. අපට ධෛර්යය දුන්නා. අපිට දැන් ඕනෑ කරන්නේත් ඒකම තමයි” 

“ක්‍රීඩකයන්ගේ මානසික ධෛර්යය තලා දමන්න බෑ. අපි හරි දේ දිගටම කරගෙන යනවා. අපට ඉක්මන් ජයග්‍රහණ නොලැබෙන්න පුළුවන්. ඒත් අනාගතය වඩාත් හොඳ තත්ත්වයක් නිර්මාණය කරාවි කියලා මට විශ්වාසයක් තියෙනවා” යයිද චන්දිමාල් පැවසීය. 

 


අදහස් (0)

මේ වඩාත්ම කණගාටුදායක තරගාවලියයි - චන්දිමාල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.