Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මේ රවටන්ගේ කාවද?

මේ රවටන්ගේ කාවද?

editorial - 2023 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක, දසුන් ශානක, කලව මස්පිඬුවේ ආබාධයකට ලක්වූයේ ඔක්තෝබර් මස 14 වැනිදාය. දසුන් වෙනුවට චාමික කරුණාරත්න කණ්ඩායමට ආදේශ කිරීමට අවසර දෙමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කළේ දසුන්ගේ ආබාධය සුවවීමට අඩුම තරමේ සති තුනක් වත් ගතවන බවකි.

සති තුනක් කණ්ඩායමෙන් ඉවත්ව සිටීමට සිදු වූවත්, දසුන් ගෙදර ආවේ නැත. දසුන් දිගින් දිගටම ඉන්දියාවේ රැඳෙමින් සිටියදී, ලෝක කුසලාන ක්‍රිකට් තාක්‍ෂණික කමිටුවේ සාමාජිකයකු වන රසල් ආනල්ඩ් මහතා කීවේ තරගාවලියක තාක්‍ෂණික කමිටුව විසින් එළියට දමන ලද ක්‍රීඩකයකුට නැවතත් ඒ තරගාවලියට එක්විය නොහැකි බවයි.

“එහෙනම් දසුන් තාමත් ඉන්දියාවේ ඉන්නේ ඇයි ?” යයි සනත් ජයසූරිය ඇසූ අවස්ථාවේදී

“ඒ ගැන කියන්න මම දන්නේ නෑ” යයි රසල් ආනල්ඩ් ගත් කටටම කීවේය.

දසුන් දිගින් දිගටම ඉන්දියාවේ සිටියේය. ප්‍රශ්නයෙන් ගැලවීමේ තාවකාලික උත්තරයක් ලෙසින්, තේරීම් කමිටු නිලධාරීන් කීවේ “දසුන් ඉන්නේ අතිරේක සංචාරකයා ලෙසින්” කියාය. ආබාධය සුවවීම සඳහා වූ සති තුන නොවැම්බර් 4 වැනිදා අවසන් වූ නමුත් දසුන් ලෝක කුසලාන කණ්ඩායමට ඇතුළත් කෙරුණේත් නැත. දසුන් පෙරේදාත් (8 වැනිදා) පුහුණුවීම් කළ නමුත් ඊයේ තරගයට ක්‍රීඩා කළේත් නැත.

ලෝක කුසලාන කණ්ඩායමට ඇතුළත් වූයේත් නැතිනම්, 8 වැනිදා වන විට ඉතිරිව තිබුණේත් එකම තරගයක් පමණක් නම්, ඒ තරගයට ක්‍රීඩා කරන්නේත් නැත්නම්, දසුන් ශානක පෙරේදා පුහුණුවීම් කළේ මොකටද ? පුහුණු දැළ තුළ දසුන් ගත කළ කාලය ඊයේ තරගයට ක්‍රීඩා කළ 11 දෙනාගෙන් අයකුට දුන්නා නම් නරක ද ?

මේ රැවටීම් කවුරුන් රැකගැනීමට ද ?


අදහස් (1)

මේ රවටන්ගේ කාවද?
  • පිං ජ'පයිකාර දොන් ජුවා සමග බෝං උගෙන් Saturday, 11 November 2023 10:54 AM

    මේ ඕක්කොම කරන්නේ අර බිංදුසාර මැන්ඩියා රැකගන්නයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.