Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මේ පරාජය දරාගන්න අමාරුයි

මේ පරාජය දරාගන්න අමාරුයි

editorial - 2021 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

බංග්ලාදේශය හමුවේ ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් පරාජය වීම, හිටපු නායකයකු මෙන්ම ක්‍රීඩකයකු ද වශයෙන් තමාට දරාගත නොහැකි වේදනාවක් බව සනත් ජයසූරිය මහතා කියයි. හිටපු තේරීම් කමිටු සභාපතිවරයකු ද වන ජයසූරිය මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලියේ දෙවැනි තරගය ඊයේ (25 වැනිදා) පැවති අතර එම තරගයේදී ලකුණු 103 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය. මෙම පරාජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා එක්දින අන්තර්ජාතික තරග 50 ක් පැවැත්වී තිබේ. ඒවායින් තරග 39 ක ජය ශ්‍රී ලංකාව සතුවන අතර පරාජය වී ඇත්තේ තරග 9 ක් පමණි. තරග දෙකක් විසඳුමකින් තොරව නිමා වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති ද්විපාර්ශ්වික තරගාවලියකදී ශ්‍රී ලංකාව පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙයයි.

“හිටපු ක්‍රීඩකයකු වගේම නායකයකු ලෙසත්, බංග්ලාදේශයට එරෙහිව ලැබූ මේ පරාජය මට දරාගන්න අමාරුයි. කොල්ලනි.... අපේ ජාතික අභිමානය අනතුරේ. අවසන් මොහොත වෙනකම් සටන් කරපල්ලා”  යයි සනත් ජයසූරිය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබිණ,

ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලබාගත් ජයත් සමගින් බංග්ලාදේශ කණ්ඩායම එක්දින ලෝක කුසලාන සුපිරි ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ මුදුනටම නැග තිබේ. ඒ තරග 8 කින් ප්‍රසාද ලකුණු 50 ක් ලබාගනිමිනි. එක්දින ලෝක කුසලාන සුපිරි ලීගයේ තරග 5 කට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරග සියල්ලම පරාජය වීමෙන් පසුව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ අඩියටම (12 වැනි ස්ථානය) වැටී සිටී.


- 213

 


අදහස් (2)

මේ පරාජය දරාගන්න අමාරුයි
  • thila Wednesday, 26 May 2021 11:37 AM

    දොස්තර නෝනව එක්කරගෙන ගියානම් හරි...!!!

    Reply 0       0

    MO77 Wednesday, 26 May 2021 02:17 PM

    ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ණයක් ගත්තා...!!! දැන් රටටම ලැජ්ජයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.