Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මෙහෙදි - සකීබ් සිම්බාබ්වේ ඉනිම වනසති

මෙහෙදි - සකීබ් සිම්බාබ්වේ ඉනිම වනසති

editorial - 2021 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙහෙදි හසන් (82/5) සහ සකීබ් අල් හසන්ගේ (82/4) විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් හරාරේ හිදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (9 වැනිදා) සිම්බාබ්වේ පළමු ඉනිම ලකුණු 276 කට සීමා කිරීමට බංග්ලාදේශයට හැකිවිය.

ටකුස්වනාශේ කයිටානෝ සහ නායක බ්‍රෙන්ඩන් ටේලර් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 115 ක සම්බන්ධතාවය බිඳහෙලමින් සිම්බාබ්වේ කණ්ඩායම අඩපණ කිරීමට මෙහෙදි හසන් සමත්විය. ඉන්පසු තවත් ලකුණු 100 ක් තුල සිම්බාබ්වේ පළමු ඉනිම අවසන් කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නේ සමත්වූහ.

මිනිත්තු 458 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි පන්දු 311 කට මුහුණදුන් ටකුස්වනාශේ කයිටානෝ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 87 ක් රැස්කළ අතර බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 92 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමගින් ඉක්මන් ලකුණු 81 ක් ලබාගැනීමට සමත්විය.

ඩිවෝන් මේයර්ස් ලකුණු 27 ක් සහ රෙජිස් චකබ්වා නොදැවී ලකුණු 31 ක් ලබාගත්තද සෙසු පිතිකරුවන් 6 දෙනෙකුට ලකුණු 2 සීමාවෙන් ඔබ්බට යෑමට බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

තෙවැනි දිනය වූ අද තරගය අවසන් කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශය කිසිවකු නොදැවී ලකුණු 45 ක් රැස්කර තිබුණි. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම වඩා ලකුණු 237 ක් ඉදිරියෙන් සිටීමට බංග්ලාදේශට හැකිවිය.

ශද්මන් ඉස්ලාම් නොදැවී ලකුණු 22 ක් සහ සයිෆ් හසන් නොදැවී ලකුණු 20 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.


බංග්ලාදේශ පළමු ඉනිම - සියලුදෙනා දැවී 468
සිම්බාබ්වේ පළමු ඉනිම - සියලුදෙනා දැවී 276

(මිල්ටන් ශුබ්ලා 41, ටකුස්වනාශේ කයිටානෝ 87, බ්‍රෙන්ඩන් ටේලර් 81, ඩිවෝන් මේයර්ස් 27, රෙජිස් චකබ්වා නොදැවී 31, මෙහෙදි හසන් 82/5, සකීබ් අල් හසන් 82/4)

බංග්ලාදේශ දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 45
(ශද්මන් ඉස්ලාම් නොදැවී 22, සයිෆ් හසන් නොදැවී 20)

 

- 2079


අදහස් (0)

මෙහෙදි - සකීබ් සිම්බාබ්වේ ඉනිම වනසති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.