Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුල්ග්‍රේව් මුල්තැන ඩිල්ෂාන්ට

මුල්ග්‍රේව් මුල්තැන ඩිල්ෂාන්ට

editorial - 2021 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයයේ නායකත්වය සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායක තිලකරත්න ඩිල්ෂාන් තෝරාගෙන තිබේ. වසර 115 ක පමණ ඉතිහාසයක් ඇති මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ශ්‍රී ලාංකික සම්භවය ඇති ක්‍රීඩකයෝ රැසක්ම ක්‍රීඩා කරති. 

මීළඟ ඕස්ටේ්‍රලියානු ගිම්හානයේ සිට (2021/22 තරගවාරය) තිලකරත්න ඩිල්ෂාන් මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයට නායකත්වය දෙනු ඇත. 
වසර 2011-12 අතරවාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ඩිල්ෂාන් පසුගියදා ඉන්දියාවේදී පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට නායකත්වය දෙමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම එහි අවසන් මහ තරගය දක්වා කැඳවාගෙන ආවේය. 

ඕස්ටේ්‍රලියානු ගිම්හානය (ක්‍රිකට් තරග වාරය) මේ වන විට අවසන් වෙමින් තිබෙන අතර ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෝ 9 දෙනෙක්ම නිමාවූ ගිම්හානයේදී මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය නියෝජනය කළහ. නවීන් ද සිල්වා, තිලකරත්න ඩිල්ෂාන්, ජොනතන් ප්‍රනාන්දු, රුවන් සම්පත්, සමිත් දුෂාන්ත, බුද්ධික මධුශංක, චේනුත වික්‍රමසිංහ, සඳරුවන් රුද්රිගු සහ ශිරාන් රාජකරුණා නිමාවූ ගිම්හානයේදී මුල්ග්‍රේව් පිල වෙනුවෙන් කුකබරා විස්සයි-20 කුසලන තරගාවලියට ක්‍රීඩා කළහ. කැලම් හෝප් එහි නායකයා විය. 

මල්ග්‍රේව් ක්‍රිකට් සමාජය වික්ටෝරියා හි නැගෙනහිර ක්‍රිකට් සංගමයේ ෂෂෂ වැනි කොටසේ ක්‍රීඩා කරයි.

“තිලකරත්න පසුගිය විස්සයි 20 තරගාවලියේදී අපේ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළා. ඔහු පසුගිය වසරේ අවසන් මහ තරගය දක්වා කණ්ඩායම කැඳවාගෙන ඒමට විශාල මෙහෙයක් කළා” යයි මල්ග්‍රේව් ක්‍රිකට් සමාජය නිවේදනයක් නිකුත් කර තිබිණ. 

ඡායාරූපය - මුල්ග්‍රේව් ට්විටර් පිටුවෙනි

- 213


අදහස් (0)

මුල්ග්‍රේව් මුල්තැන ඩිල්ෂාන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.