ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) කිංග්ස් XI, පන්ජාබ් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර වැන්කඬේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (3 වැනිදා) පැවති තරගයෙන් කඩුලූ 5 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත්විය.
ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිල පන්දු 5 ක් ඉතිරිව තිබියදී අවසානයේ කඩුලූ 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් වේගවත් ලකුණු 28 ක් රැස්කළ කිරන් පොලාඞ්, සන්දීප් ශර්මාගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
මුම්බායි පිලේ සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 35 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රොහිත් ශර්මා (39) සහ කෝරි ඇන්ඩසන් (35) තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා මනා අඩිතාලමක් දැමූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI, පන්ජාබ් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 168 ක් ලබාගත්තේය.
රිදිමන් සහ (59) සමග එක්වූ ග්ලේන් මැක්ස්වෙල් (45) පන්දු 50 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
පන්දු 47 කින් වාර්තාවූ රිදිමන් සහගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත්වූ අතර පන්දු 27 කින් වාර්තාවූ ග්ලේන් මැක්ස්වෙල්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
මුලූ ලකුණු සංඛ්‍යාව 13 ක්ව තිබියදී පන්ජාබ් පිලේ පළමු කඩුල්ල ලෙස එක් ලකුණක් ලබාසිටි විරේන්ද්‍ර සෙවාග් දුවද්දී දැවීයාමකට හසුකරගැනීමට මුම්බායි පිලේ නායක රෝහිත් ශර්මා සමත්විය.
කිංග්ස් XI, පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩුලූ 5 කට 168
(චෙටේෂ්වර් පුජාරා 19, රිදිමන් සහ 59, ග්ලේන් මැක්ස්වෙල් 45, ඬේවිඞ් මිලර් 16, ජෝර්ජ් බෙයිලි 15, හර්බජාන් සිං 34/2)
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 5 කට 170
(චිදම්බරම් ගෞතම් 33, රොහිත් ශර්මා 39, කෝරි ඇන්ඩසන් 35, කිරන් පොලාඞ් නොදැවී 28, අදිත්‍ය ටාරේ නොදැවී 16, රිෂි ධාවාන් 23/2, සන්දීප් ශර්මා 29/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.