Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මීගමුව මාරිස්ටෙලා කඩුලූ 6 කින් ජයගනී

මීගමුව මාරිස්ටෙලා කඩුලූ 6 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මීගමුව මාරිස්ටෙලා විදුහල සහ සඳලංකාව මධ්‍ය මහ විදුහල අතර පැවැති ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 6 ක ජයක් වාර්තා කිරීමට මීගමුව මාරිස්ටෙලා විදුහල සමත්විය.  

ජයග‍්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය මාරිස්ටෙලා විදුහල  ඕවර 27.2 ක් ඉතිරිව තිබියදී කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී සචින්ද්‍ර ගමාදික ලකුණු 49 ක් ලබාගත් අතර ප‍්‍රවීන් සමරවීර නොදැවී ලකුණු 32 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් සඳලංකාව මධ්‍ය මහ විදුහල සියලූ දෙනා දැවී ලකුණු 131 ක් ලබාගත් අතර ඩිලාන් ගමගේ කඩුලූ 4 ක්ද, ෂෙනාල් පෙරේරා කඩුලූ 3 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැකුවූහ.

 

සඳලංකාව මධ්‍ය මහ විදුහල -  ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 131
(නිරොෂන් හරිස්චන්ද්‍ර 32, කේෂා තිසල් 28, ඩිලාන් ගමගේ 22/4, ෂෙනාල් පෙරේරා 20/3)

මාරිස්ටෙලා විදුහල -  ඕවර 22.4 කදී කඩුලූ 4 ක් දැවී 136
(සචින්ද්‍ර ගමාදික 49, කි‍්‍රෂාන් පිටර් 37, ප‍්‍රවීන් සමරවීර නොදැවී 32)


- 036


අදහස් (1)

මීගමුව මාරිස්ටෙලා කඩුලූ 6 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.