Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මිලන්තගෙන් ද්විත්ව ශතකයක්

මිලන්තගෙන් ද්විත්ව ශතකයක්

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ ඊයේ (5 වැනිදා) අවසන්වූ ලන්කන් සහ බදුරලිය කණ්ඩායම් අතර තරගයේදී ද්විත්ව ශතකයක් (252) ලබාගැනීමට බදුරලිය කණ්ඩායමේ ළහිරු මිලන්ත සමත්විය.

පන්දු 314 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි මිලන්තගේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 27 ක් සමගින් ලකුණු 252 ක් රැස්කිරීමට සමත්විය. තරගාවලිය ආරම්භවී සතියක් ගතවනවිට තනි පිතිකරුවකු ලකුණු 250 සීමාව පසුකළ තෙවැනි අවස්ථාව ලෙස ළහිරු මිලන්තගේ ද්විත්ව ශතකය වාර්තා වන්නේය.

කාසියේ වාසිය දිනූ බදුරලිය පිල පළමුව පන්දුවට පහරදීමට ලන්කන් පිලට ආරාධනා කළ අතර සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා ඔවුන් ලකුණු 429 ක් රැස්කිරීමට සමත්වූහ.

රිසිත් උපමාල් පන්දු 161 කදී හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමගින් නොදැවී ලකුණු 111 ක් රැස්කළ අතර දමිත සිල්වා (82) සහ චානක රුවන්සිරි (58) අර්ධ ශතක රැස්කරමින් ලන්කන් පිල ලකුණු 400 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට ඔවුන් සමත්වූහ.

ළහිරු සමරකෝන් කඩුලු 4 ක් ද, තිලකරත්න සම්පත් කඩුලු 3 ක් සහ මලිත් ද සිල්වා කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ලන්කන් පිල පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට පිළිතුරු ලෙස කඩුලු 8 ක් දැවී ලකුණු 648 ක් රැස්කිරීමට බදුරලිය පිල සමත්විය. ළහිරු මිලන්තගේ ද්විත්ව ශතකයට අමතරව ශහීඞ් යූසුෆ් (124) ශතකයක්ද අලංකාර අසංක (61) සහ දුෂාන් හේමන්ත (නොදැවී 51) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

ලන්කන් පළමු ඉනිම - සියලුදෙනා දැවී 429
(කසුන් අබේරත්න 30, දමිත සිල්වා 82, ගීත් කුමාර 40, චානක රුවන්සිරි 58, රිසිත් උපමාල් නොදැවී 111, කේෂාන් විජේරත්න 24, උදිත් මධුෂාන් 29, ළහිරු සමරකෝන් 107/4, තිලකරත්න සම්පත් 75/3, මලිත් ද සිල්වා 47/2)

බදුරල පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 648
(යශෝධ ලංකා 46, සාලින්ද උෂාන් 28, බ්‍රාවිෂ් ශෙට්ටි 35, ළහිරු මිලන්ත 252, ශහීඞ් යූසුෆ් 124, අලංකාර අසංක 61, දුෂාන් හේමන්ත නොදැවී 51, ළහිරු සමරකෝන් නොදැවී 23, උදිත් මධුෂාන් 114/2)


අදහස් (0)

මිලන්තගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.